ගොවීහු වගා වන්දි සටනත් දිනති

ගොවීහු වගා වන්දි සටනත් දිනති

පාලකයන්ගේ අත්තනෝමතික වාරි කලමණාකරණය හේතුවෙන් සහ නියඟය හේතුවෙන් වගා හානි වූ ගොවි බිම් සඳහා වන්දි ගෙවීමට ආණ්ඩුව මේ දිනවල කටයුතු කරමින් තිබෙන අතර එය ගොවි ජනතාව දිගින් දිගටම සිදු කළ අරගලයේ ප්‍රතිඵලයක් යැයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න මහතා පවසයි.

ගොවිජනතාවට වන්දි ඉල්ලා පසුගිය ජනවාරි 09වනදා දඹුල්ල කන්ඩලම වෙල් යායේදී රුපිල් 50,000ක වන්දියක් ඉල්ලා පළමු මාධ්‍ය හමුව පැවැත්වූ අතර එතැන් පටන් දිගින් දිගටම මෙම වන්දි සටන ගෙන ගිය බවත් ඒ අතරතුරු ආණ්ඩුව ඇඟබේරාගැනීමේ ක්‍රියාමාර්ගවල නිරත වුවත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් ගොවි ජනතාව සංවිධානය කරමින් මෙම වන්දි සටන මේ දක්වා ගෙන ආ බවත් නාමල් කරුණාරත්න මහතා පවසයි.

ආණ්ඩුව ගොවිජනතාව නොසලකා හරිමින් එක් කන්නයක් වගා හානි වීම රුපියල් 10,000කට තක්සේරු කළ බවත් ගොවිජන සටන් ක්‍රියාමාර්ග නිසා එය රුපියල් 40,000ක් දක්වා වැඩි කිරිමට ආණ්ඩුවට සිදු වූ බවත් ගොවිජනතා ඉල්ලීම රුපිය්ල 50,000ක් බවත් නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

එළෙඹෙන අලුත් අවුරුද්දට පෙර රුපියල් 10,000ක වන්දිය ලබා දීමට අදාළ මුදල් මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරු වෙත එවා ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා තමන් අමතා සඳහන් කළ බවත් ඉතිරි මුදල් ලබා ගැනීම සඳහා ඉදිරියටත් සටන් ක්‍රියාමාර්ග තේරීමට පටුබස නොවන බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn