මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආතනය අහෝසිකර රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කළ යුතු යැයි මධ්‍යම ආණ්ඩුවට යෝජනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් පසුගිය 04වනදා බස්නාහිර පළාත් සභාවට ගෙනා යෝජනාව ඒකමතිකව සම්මත වී තිබේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවති විවාදයේදී එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පිලත් යෝජනාවට විරුද්ධව අදහස් දක්වා ඇත.
කෙසේ නමුත් අවසානයේ මෙම යෝජනාව ඒකමතිකව සම්මත වී තිබේ.
මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර ඇත්තේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන්ගේ මැදිහත්වීම මතය.

Views: 0










