දිනෙන් දින ජනතාවගෙන් ප්රතික්ෂේපවන මහින්ද පිලේ මන්ත්‍රී වරුන්ගේ මැර ගෝලයන් ප්රචණ්ඩ ලෙස හැසිරීමට පටන්ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුනේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.කේ. ගුණසිංහ මහතා පවසයි.
හිටපු මන්ත්‍රීවරයා ඒ බව පැවසූවේ ඊයේ (04) රාත්‍රියේ ජනතා විමුකත් පෙරමුණේ සාමාජිකයින් දෙදෙනෙකුට රත්නපුරයේ ගොඩකවෙල රිදීවිට මන්සන්දියේදී සිදු වූ පහරදීම සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ප්‍රතිචාර දක්වමිනි.
අද (05) පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් විරු සමරුවේ සමරු කවිය සහිත පෝස්ටරය ඊයේ (04) රාත්‍රියේ අලවමින් සිටියදී රාත්‍රී 12ට පමණ තමන්ටත් පක්ෂයේ තවත් ක්‍රියාකාරිකයෙකු වන එස්.එම්. රංජිත් මහතාටත් මහින්ද පිලේ මැර දේශපාලඥයෙකුගේ මැර ගෝලයන් පිරිසක් ත්‍රීරෝද රථයකින් පැමිණ පහරදුන් බව හිටපු මන්ත්‍රී ටී.කේ. ගුණසිංහ මහතා සඳහන් කරයි.
මහින්ද පිලේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ සෘජු නියෝග මත කටයුතු කරන් මෙම මැර පිරිස හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව රක්වාන පොලීසියේ CIB 4273/29 අංක යටතේ පැමිණිල්ලක ගොනු කර ඇති බවත් ඒ මහතා පවස යි.










