වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට

වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට

රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විමල් වීරවංස මහතා තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අද ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 07වනදාට කල්දැමූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මේනවිය ඔහුව එදින තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

පසුගි ජනවාරි 10 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමල් වීරවංස මහතාව අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුය අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඉන් දින කිහිපයකට පසු තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා විමල් වීරවංස මහතා විසින් උපවාසයක් ආරම්භ කළ අතර මේ වනවිට එම උපවාසය නතරකර ඇති විමල් වීරවංස මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු රෝගීව පෙළෙන බැවින් අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණු අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරුණහොත් වහාම ඔහුව ලබන 07නදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට කියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn