පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමසාරිස් අතර සාකච්ඡාවක් අද

දැනට විසුරුවා ඇති පළාත් සභා තුනෙහි මැතිවරණවලට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතර සාකච්ඡාවක් අද(06) සවස පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා පිළිගත් සියලු දේශපාලන පක්ෂවල  ලේකම්වරුන්ට අමතරව පොලිස්පතිවරයා, පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද ආරාධනා කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාවට පෙර  මැතිවරණය පැවැත්වෙන පළාත්වල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් ද අද පෙරවරුවේ දී පැවැත්වෙන බවත් ඔහු පවසා ඇත.

Facebook
Twitter
LinkedIn