ආණ්ඩුවේ ඇමතිවරුන් ආණ්ඩුව තුළ වැඩකිරීමට සිදුව ඇත්තේ හිරකරුවන්ට මෙන් යැයි හිටපු ජනාධිපති උපදේශක හේමකුමාර නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යේෂ්ඨ ඇමතිවරුන්ට තමන් කැමති දෙයක් කිරීමට නොහැකි බව කී ඔහු සෙසු කැබිනට් ආමාත්යවරුන්ටද හිරකාරයෙකුට වැඩි නිදහසක් හිමි නැති බව පෙන්වා දෙයි. ආණ්ඩුවේ සියලු අරමුදල් බලවත් කිහිපදෙනෙකු අතට කේන්ද්‍රගත වී ඇති බවත් තමන්ට වැඩකිරීමට මුදල් නොමැතිවීම පිළිබඳව ඇමතිවරුන් බොහොම දෙනෙක් කෝපයෙන් සිටින බවත් ඔහු අනාවරණය කරයි.
රාජ්‍ය යන්ත්‍රණය පිළිබඳව සඳහන් කරන ඔහු එය දූෂණයෙන් පිරී ඇති බවත් කලින් දේශපාලකයින් පමණක් දූෂණවලට සම්බන්ධ වී සිටියද මේ වන විට එයට නිලධාරීන්ද හවුල්වී ඇති බවත් ඇමතිවරුන් මේ බව තමාට කියා ඇති බවත් නානායක්කාර මහතා හෙළිකරයි.
මේ පිළිබඳව ඩේලිමිරර් සමග කරන ලද සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරන්නේ, මේ තත්වයට එක් පුද්ගලයෙකු නොව ආණ්ඩුවම වගකිවයුතු බවය. ඊට එරෙහිව පියවර නොගැනීම හේතුවෙන් අමාත්‍යවරුන්ට එම චෝදනාවලින් ගැලවීමට නොහැකි බවද හිටපු ජනාධිපති උපදේශකවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.









