ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය හෙවත් ජනරජ ලාංඡනයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත එස්.එම්.සෙනෙවිරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05) පස්වරු 06ට කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතය. මේ වන විට එම දේහය මහජන ගෞරවය සඳහා කොලඹ කලාභවනේ තැන්පත්කර ඇත.
ජාතික කොඩියටද යම් සන්ශෝදනය් එක්කරමින් ජාතික කොඩියේ ඇති බෝපත් හතරද නිර්මාණ කර ඇත්තේ මෙතුමන් විසිනි.
1922 ජූලි මස 19 වන දින උපත ලද ඔහු මිය යන විට 90වන වියේ පසුවිය.
පුරාවිද්‍යා චක්‍රවර්ති, කලා භූෂණ කලාපති, රන්සළු අදී සම්මාන රැසකින්ද ඒ මහතා පිදුම් ලබා තිබේ.
Views: 0









