රතු නායකයන්ගේ හමුවක්

කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ මහතා සිව් දින නිළ චාරිකාවක් සදහා චීනයට පැමිණියේය. 2008 වසරේදී කියුබාවේ නායකත්වයට පත්වීමෙන් පසු රාවුල් කස්ත්‍රෝ චිනයේ සංචාරය කරන පළමු සංචාරය ලෙස මෙය සනිටුහන් වේ.

කියුබානු නායකයා බීජිං නුවරදී චීන ජනපති හියු ජින්ටාවෝ මහතා හමුවීමට නියමිත අතර එහිදී දෙරටට බලපාන ද්වී පාර්ශිවික එකගතා කිහිපයකට නිළ වශයෙන් අත්සන් තැබීම සිදුවනු ඇතැයි චීන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරයි.

වෙනිසියුලාව හැරුණු කොට කියුබාවේ දෙවන විශාලතම වෙළද සහකරු ලෙස චිනය කටයුතු කරයි.

ලතින් ඇමරිකානු කලාපයේ රටවල් අතරින් චීනය සමග ප‍්‍රථම වරට රාජතාන්ති‍්‍රක සබදතා ආරම්භ කල රට කියුබාව වේ.

චින සංචාරයෙන් අනතුරුව කියුබානු නායකයා වියට්නාමයේ සංචාරය කරනු ඇතැයි කියුබානු විදේශ කටයුතු ආරංචි මාර්ග පවසයි.

Facebook
Twitter
LinkedIn