“තාත්තයි පුතයි දේනනම් එකතුවෙලා තමයි ඔය මගඩි වැඩ කරන්නෙ. අභ්‍යන්තර ප්‍රශ්නවලින් අපහසුතාවයට පත්වෙන දේවල් කරන්න එපා” යැයි ජනාධිපති මහින්දරාජපක්ෂ මහාතා පවසයි.
ජනාධිපතිවරයා එසේ එසේ පවසා ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ විශේෂ රැස්වීමේදී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාරටය. ඔහු ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනකබණ්ඩාර තේන්නකෝන්ගේ පුත්‍රයාය. ජනාධිපතිවරයා මේ බව පැවසූවේ දඹුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අඩුපාඩු පිළිබඳව ප්‍රමිත බණ්ඩාර කරුනු දක්වමින් සිටින විටය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්වූ දාසිට වාර්ෂිකව පැවැත්වූ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී නොවූ මාතගේ දිස්ත්‍රික් කැබිනට් අමාත්‍ය වරයෙක් ද වන ජනක බණ්ඩාර තෙන්නකෝන් ජනාධිපතිවරයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමටද සහභාගීවී නැත.
දඹුල්ල රෝහල රජයට පවරාගන්නැයි ඉල්ලා පසුගියදා දඹුල රෝහල අවට ප්‍රදේශ කිහිපයක ජනතාව එක්ව උද්ඝෝෂණයකද නිරත විය. එම උද්ගොෂණයට පැමිණීමට නියමිතව සිටි ජනතාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තම දේශපාලන හැකියාවන්ද පාවිච්චි කරමින් අදාල උද්ඝෝෂණයට නොයන ලෙසට බලපෑම්ද සිදු කරන ලදී.
ආශ්රත පුවත්
ජනක බණ්ඩාර බාධා කරයි – කවිරත්නට හූ කියයි









