ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ පළාත් සභා 03 සඳහා ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම් නායකයින් පත්කර ඇත.
දේශපාලන මණ්ඩල සභික විජිත හේරත්, අනුර දිසානායක, ලාල්කාන්ත සහ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන්ගෙන් සමන්විත නාමයෝජනා කමිටුව විසින් නිර්දේශ කොට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම කණ්ඩායම් නායකයින් සඳහා අනුමැතිය ලබාදී ඇති බව ජවිපෙ මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අනුව උතුරු මැද පළාත් සභාව සඳහා හිටපු පා.ම. වසන්ත සමරසිංහ මහතා,සබරගමුව පළාත් සභාව සඳහා හිටපු පා.ම. ගාමිණී රත්නායක,නැගෙනහිර පළාත් සභාව සඳහා හිටපු පා.ම. වසන්ත පියතිස්ස යන මහත්වරුන් පත්කොට තිබේ.
Views: 0









