ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගෝතමාලාවේ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කර ඇති විරෝධතා ඊයේ (03) දිනය වනවිට උත්සන්න තත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ.
මෙම විරෝධතා මැඩලීම සඳහා ආණ්ඩුව විසින් පොලීසිය යොදවා ඇති අතර එහිදී ඇති වූ ගැටුම්වලින් තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුන් 40 ක් පමණ රෝහල් ගතකර ඇතයිද වාර්තාවේ. මීට අමතරව මෙම ගැටුමේ දී එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාද තුවාල ලබා ඇතයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.
පාසල් ගුරුවරුන්වීම සඳහා අධ්‍යාපනය හදාරන මෙම විශ්වවිද්‍යාල සිසුන්ගේ පාඨමාලා කාලය වසර තුනේ සිට වසර පහ දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබීම මෙම විරෝධතාවට හේතුව බවද වාර්තාවේ.
මෙම විරෝධතාව මාස දෙකක පමණ කාලයක් පවතින අතර මේ වනතෙක් කිසිදු විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවද වාර්තාවේ.



Views: 0









