ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් – නවීන් දිසානායක

දැඩි බලපෑමක් කළහොත් ආණ්ඩුව වෙනස් කිරීමට හැකි බව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංසකරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා ඇත. ඒ මහතා මේ බව පවසා ඇත්තේ පසුගියදා හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ දී පැවති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘‘එදා ප්‍රේමාදාස මැතිතුමා හිතාගෙන හිටියේ හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා. මේ ජනාධිපති ක්‍රමයේ එහෙම විශේෂ බලයක් තිබෙනවා. ඉතින් විශාල සටනක් දෙන්න ඕන මේ රජය පෙරලන්න“. කියාය.

Facebook
Twitter
LinkedIn