මන්දමානසික දරුවා අතුරුදහන්

කඩවත, කරඳගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දුමින්ද ප්‍රසන්න නැමති නව හැවිරිදි තම දරුවා පසුගිය සෙනසුරාදා දහවල් සිට අතුරුදන් වී අතිබවත් අදට දින හතරක් ගතව ඇතත් දරුවා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නැති බවත් දෙමව්පියෝ පවසති.

එම දරුවා කිරිල්ලවල මන්ද මානසික විද්‍යාලයේ ඉගනුම ලබමින් සිට ඇති අතර මෙම දරුවාට තවත් සහෝදරයකු සහ සහෝදරියක ද සිටී.

දුමින්දගේ මව ප්‍රදේශයේ නිවෙස්වල සේවය කරමින් තම දරුවන් පෝෂණය කරන තැනැත්තියක් වන අතර ඇය පැවසූවේ, පසුගිය සෙනසුරාදා ද සුපුරුදු පරිදි සේවයට යමින් සිටියදී සිය පුතු තමන් පසුපස පැමිණ ඇති බවයි.

ඒ අතරතුර දරුවා, අසල වෙළෙඳසළකට ගොස් ඇති බවත් එතැන් සිට දරුවා අතුරුදන් බවත් මව වැඩිදුරටත් පවසන්නීය.

Facebook
Twitter
LinkedIn