ජලගාස්තුව ඉහළ නැංවීම සඳහා මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි වාර්තාවේ.
ඉහළ යන වියදම් පියවා ගැනීම සඳහා ජල ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව මතුව ඇති බවත් එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජල සම්පාදන හා ජලපවහන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන හා සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් වාර්තා වේ.
ජල ගාස්තුව ඉහළ නැංවීම සම්බන්ධයේන කිසිඳු ප්‍රශ්නයක් නැති බවත් ජනතා විරෝධය මතුනොවන ලෙස ජල ගාස්තුව ඉහළ නැංවීම කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී පවසා ඇත.
කෙසේ හෝ ඉතා නොදුරේදීම ජල ගාස්තුව ඉහළ නංවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පළ කළ ආර්ථික විශේෂඥයින් පවසන්නේ ජල ගාස්තුව ඉහළ දැමීමක් සිදුවුවහොත් විශේෂයෙන්ම නාගරික ජනතාවගේ පඩි පතට ඉතා විශාල ලෙස එය දැනෙනු ඇති බවයි. ඉන්ධන මිල ඉහළ යෑම නිසා බස්ගාස්තු, විදුලි ගාස්තු ඇතුළු භාන්ඩ රැසක මිල ඉහළ ගිය බවත් ඒ නිසාම රටේ විවිධ කොටස් ඉන්ධන මිල අඩුකර ගැනීමට අරගල කළ බවත් ධීවර අරගල ඉන් ප්‍රධාන තැනක් ගත් පවත් ඔහවූහු පෙන්වා දෙති.









