රූඞී මිනී මස් කෑවේ බාත් සෝල්ට් නිසාද ?

ඇමරිකාවේ මියාමි හිදි මිනිසෙකුගේ මුහුණෙන් මස් ඉරා කෑ පුද්ගලයා ඇමරිකාව පුරා වසංගතයක් මෙන් පැතිර යන අළුත් මත්ද්‍රව්‍යයක් වන බාත් සෝල්ට් (Bath Salt) පාවිච්චි කර සිටි බවට මියාමි පොලිස් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.
ඇමරිකානු මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් තවමත් මත්ද්‍රව්‍යයක් ලෙස නම් කර නොමැති රසායනික ද්‍රව්‍යයක් වන බාත් සෝල්ට් ඇමරිකාවේ සහ කැනඩාවේ වීදි ආශිතව වේගයෙන් පැතිර යන මත්ද්‍රව්‍යයකි.
67 හැවිරිදි වීදි යාචකයෙකු වන රොනල්ඞ් පොප්පෝ වෙත දිවා කාලයේදි නිරුවතින් කඩා පැන ඇති 31 හැවිරිදි රූඩි ඉයුජින් නැමැත්තා රොනල්ඞ්ගේ මුහුණෙන් මස් ඉරා කමින් සිටියදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය.
රූඩි ගේ අමානුෂික කි‍්‍රයාව හේතුවෙන් රොනල්ඞ් ගේ මුහුණ 80% ක් පමණ විනාශ වී ඇති අතර මේ වන විට ජැක්සන් අනුස්මරණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි.
මේ අතර පොලිස් වෙඩි පහරින් මියගිය රූඩිගේ පවුලේ සමාජිකයන් පවසන්නේ ඔහු ඉතාමත් ආගමානුකූල ජීවිතයක් ගත කල යහපත් පුරවැසියෙකු බවයි.

Facebook
Twitter
LinkedIn