ඉදිරියේ දී විදුලි බලය කප්පාදුවකට ලක්වීමට ඉඩ ඇතැයි විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ පිළිබඳව ලබන සතියේ දැනුම් දෙන බවත් වර්ෂාව පාලනය කිරීමට තමාට කිසිදු හැකියාවක් නොමැති බවත් ප්‍රකාශ කළේය. මේ වන විට සමස්ත ජලාශවල ජල මට්ටම 23% ප්‍රමාණයේ පවතින බවද වාර්තාවේ.
ජලාශවල ජල මට්ටම හොඳින් පවතින සිට ගිගාවොට් පැය 1000 ත් 800 ත් අතර විදුලි ජනනයක් සිදු කරන ජලාශ මේ වන විට ඇති වී තිබෙන නියං තත්ත්වය නිසා ජාතික විදුලි බල පද්ධතියට සපයනු ලබන්නේ ගිගාවොට් පැය 250 ක ප්‍රමාණයක් බව විදුලි බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පසුගියදා පැවැසීය.
Views: 0









