වෙබි අඩෙවි මාධ්‍යවේදීන්ට ඇප

රහස් පොලිසිය විසින් ඊයේ (29) අත් අඩංගුවට ගත් srilankamirror හා srilankaxnews වෙබ් අඩවි මාධ්‍යවේදීන් 8 දෙනා අද (30) කොළඹ වැඩ බලන මහේස්ත‍්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් ඇප මත නිදහස් කරන්නැයි නියෝග කර තිබේ.

රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ රජය පෙරලීමට ජනතාව කුපිත කිරීමට මෙම පිරිස උත්සාහ කර ඇති බවයි. එවැන්නක් සිදුවී ඇති දැයි විනිසුරුවරයා රහස් පොලිසියෙන් ප‍්‍රශ්න කළ අතර එවැන්නක් සිදුව නැති නමුත් එවැන්නක් සිදුවීමට ඉඩ ඇති යැයි රහස් පොලිසිය පවසා ඇත.

විනිසුරුවරයා එහිදී වෙන්න පුළුවන් දේකට දඬුවම් පැමිණවිය හැකි ක‍්‍රමයක් නැතැයි පවසා ඇත.

Facebook
Twitter
LinkedIn