මාතලේ, රත්තොට, කන්දෙනුවර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි සජීව මැදවත්ත මහතා පවසා ඇත්තේ, මෙහිදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
මෙම අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවන් දෙදෙනකු ද වන බවත් ඔවුන් සමග නිධන් හැරීමට යොදාගත් බව කියන උපකරණ ද පොලිසිය භාරයට ගත් බවද මැදවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0









