සෞදි අරාබියේ දමාම් හි නයින්ට් නැමති කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයන් 40 දෙනකුට ආහාර පවා නොමැතිව දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදු ඇතැයි වාර්තා වේ.
තමන්ට නිසි ආහාර වේලක්වත් නොලැබෙන බව පවසන මොවුන් කඩිනමින් තම ගැටලු විසඳා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඔවුහු ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතාගෙන් විමසූ විට නියෝජ්‍ය සමාන්‍යාධිකාරවරයාගෙන් අසා දැන ගන්නැයි ඔහු පැවැසීය.
Views: 0









