අද (26) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන බලධාරීන් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නා නමුත් උසස් පෙළ “z” අගය කවුරුන් තීරණය කරන්නේදැයි නිගමනයක් ලබා ගැනීම සදහා අධිකරණය හමුවට යන බවයි.
“z” අගය සැකසීමට තමන් භාවිත කළ ක්‍රමවේදය පැහැදිලි සහ නිවැරදි එකක් බවත් මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට 2011 උසස් පෙළ සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තුවන බවත් ඔවූහු අවධාරණය කළහ.
2011 උසස් පෙළ පැරණි හා නව නිර්දේශවලට අදාළව ඉසෙඩ් අගය වෙන වෙනම යළිත් ගණනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය.
Views: 0









