අනුරාධපුර නොච්චියාගම නගරයේදී ඊයේ (25) පවත්වන ලද පාසල් අචාර්යවරුන් දැනුවත් කිරීමේ හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සමාජ ක්‍රමය වෙනස් කිරීමට ගුරුවරු පෙරමුණ ගත යුතු බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා “මෙරට ආර්ථිකයේ දැවැන්ත අර්බුදයක් ඇතිවී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ නිෂ්පාදන ආර්ථිකයක් නොමැතිව ණය මත රටේ ආර්ථිකය පවත්වගෙන යාමයි. ණය ගෙවීමට නැවත ණය ගැනීම සිදු කරන මහින්ද රාජපක්ෂ පාලනය එම බර ජනතාව මත පැටවීම විවිධ බදු ගැසීම් හා දඩ ගැසීම් හරහා සිදු කරමින් තිබෙනවා.
වසර 64 ක් පුරාවට මෙරට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සිදු කරන ලද්දේ ජනතාව පීඩාවට පත් කිරීමයි. මෙරට නිෂ්පාදනය කරගත හැකි කව්පී ඇටය, මිරිස් කරල, බී ලූනු ගෙඩිය, අර්තාපල් අලය ආදී සියල්ලම පිටරටින් ගෙන්වීම සිදු කරනවා. උදලු තලය, කැති තලය නිෂ්පාදනය කිරීමට කර්මාන්තයක් ගොඩනැගීමට ඔවුන් තවමත් අසමත් වී තිබෙනවා. වටේට මුහුද ඇතත් ටින් මාළු පිටරටින් ගෙන්වනවා. ටින් මාළු කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කෙරුවත් ඒකේ මාළුටික, ටින්එක සහ යන්ත්‍රෝපකරණ සියල්ල චීනෙන් ගෙනාපුව. මෙහේ කරන්නේ එකලස් කිරීම පමණයි. චීනේ කර්මාන්ත ශාලාවක අපි කුලියට වැඩ. ලොව අනර්ඝතම මිනිරන් මෙරට ඇතත් පැන්සලක්වත් හදාගන්න බෑ. නිෂ්පාදන අර්ථිකයක් නැති මෙම ආණ්ඩුවලට තව දුරටත් ජනතාවට සිදු කළ හැකි සේවයක් නැහැ. එමනිසා මුහුණ මාරු කරල වැඩැක්නෑ. ජනතාව පීඩාවට පත්කරන මෙම අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. සම්පත්, ප්රතිලාභ සමානව බෙදී යන සමාජ ක්‍රිමයක් බිහි කළ යුතුයි. එය අන් කවරක්වත් නොව සමාජවාදී ආර්ථික මූලධර්ම මත ගොඩනගන ලද සමාජවාදී සමාජ ක්‍රමයයි.
ලොව පුරාම ධනවාදය කඩා වැටෙමින් පවතිනවා. අප රට තුළටද දැවැන්ත ලෙස අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සිදුවෙමින් පවතිනවා. මානව හිමිකම් ප්‍රශ්න මතුකරමින් මෙරටට මැදිහත් වන ඔවුන් යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සහා දරමින් රට බෙදීමේ කුමන්ත්‍රණය නැවත දියත් කරමින් පවතිනවා. එබැවින් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පැරදවීමත් ඊට මැදිහත්වීමට ඉඩ හදන ආණ්ඩුවත් එක මිටකට ගෙන පැරදවිය යුතුයි. මෙය තනිව කළ හැක්කක් නොවේ. ඒ සඳහා අපි කවුරුත් අත්වැල් බැඳ ගතයුතුයි. වඩ වඩාත් දැනුවත් වීමත් දැනුවත් කිරීමත් සිදුකළ යුතුයි. රටේ අනාගතය නිමවන ගුරුවරුන් මෙහි පෙරමුණ ගත යුතුයි. මෙ සඳහා ජනතාව පෙළන පාලනය පෙරළාදමා යුක්තිගරුක දේශයක් සධාරණ සමාජයක්, නිවහල් මිනිසෙක් ගොඩනැගීම සඳහා සැවොම අත්වැල් බැඳගන්න.” යනුවෙන් පැමිණ සිටි ගුරුවරුන්ට අවධාරණය කර සිටියේය.
ගුරු භවතුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර තමන්ට මුහුණදීමට ඇති ගැටලු ඉදිරිපත් කරන ළද අතර අධ්‍යාපනයේ පවතින ගැටලු හා අර්බුදයන් ගැනද ඔවුන් ඒ මහතාගේ අවධානයට ලක් කරන ලදී.
මෙම ගුරුහමුවෙන් අනතුරුව නොච්චියාගමදී පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ සංවාදශීලී ජනහමුවකටද ජයසිංහ මහතා සහභාගීවී ඇත.
ගුරුහමුවේ අවස්ථා


ජනහමුවේ අවස්ථා











