ලියනආරච්චි සහෝදරයව ශ්‍රීලනිපයට අභියෝගයක් වුනා – සෝමවංශ අමරසිංහ

ජනතා විමුක්ති පෙරමුණ විසින් දිවයිනපුරා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමු දෙකක් ඊයේ (24) අම්බලන්තොටදී සහ වීරකැටිය බුද්ධියාගම ප්‍රදේශයේදී පවත්වා ඇත.

ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජනහමුවෙන් අනතුරුව නීතීඥ විජේදාස ලියනආරච්චි මහතාගේ සොහොන පිහිටි ස්ථානයට ගොස් එයට උපහාර දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් සෝමවංශ අමරසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා පැවසූවේ “විජේදාස ලියනආරච්චි සහෝදරයව 1989යේ අත්අඩංගුවේදී වධදීල මැරාදැම්මා. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වශයෙනුත් කොළඹ නීතීඥවරයෙකු වශයෙනුත් ක්‍රියාකරපු සහෝදරයෙක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැපීපෙනෙන ක්‍රියාකාරිකයෙකු වූ විජේදාස ලියනආරච්චි සහෝදරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ගේ වෛරයට භාජනයවී සිටි සහෝදරයෙක්. ඔහු අත්අඩංගුවට ගැනීම පිටුපස කුමන්ත්‍රණයක් පැවති බවට විශාල සැකයන් පවතිනවා” යනුවෙනි.

අම්බලන්තොට ජනහමුව

විජේදාස ලියනආරච්චි මහතාගේ සොහොනට උපහාර දැක්වීම

Facebook
Twitter
LinkedIn