බඩුමිලට එරෙහි ජවිපෙ විරෝධතා කුරුණෑගලදී

ආණ්ඩුව අත්තනෝමතික ලෙස සිදුකරන බඩු මිල ඉහළ දැමීම සහ දූෂණ වංචාවලට විරෝධය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය 20 වනදා සිට රටපුරා ආරම්භ කර ඇති විරෝධතා මාළා සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසා සිටී.

“ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළගැසෙමු” ලෙස නම් කර තිබූ එම විරෝධතා ව්‍යාපාරය, උද්ඝෝෂණ, පාගමන් සහ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාර සහ ජනහමුවලින් සමන්විතය.

එලෙස කුරුණෑගල  දිස්ත්‍රික්කයේදී ඊයේ (29) උද්ඝෝෂණයක් පවත්වා ඇත. මෙම උද්ඝෝෂණයට අමතරව පසුගිය 25වන දා කුරුණෑගල පන්නල, දඹදෙනිය, කටුපොත සහ පඩුවස්නුවර යන නගරවලදී ද ජනහමු පවත්වාඇත.එහි ඡායාරූප ජවිපෙ මාධ්‍ය ඒකකය විසින් අප වෙත එවා ඇත.

පඬුවස් නුවර ජනහමුව

දඹදෙනිය ජනහමුව

පන්නල ජනහමුව

Facebook
Twitter
LinkedIn