2011 ජන හා නිවාස සංගණනයේදි තොරතුරු වැරදි බවත් එම සංගණනය තමන්ව කල්ලතෝනියෙක් කර ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා චෝදනා කරයි.
ඔහු එලෙස චෝදනා කරනු ලැබුවේ හොරණ ප්‍රාදේශීය කමිටු රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදීය.
වැඩිදුරටත් ඔහු පැවසූවේ “මං අවංකව අහනවා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගෙන් මේ සංගණනය හරියට කෙරුණද? අර ජන හා නිවාස සංගණනය 2011, මේක හරියට කෙරුණද? විදුර වික්‍රමනායක කල්ලතෝනියෙක්ද? අද තව වෙනතුරු ජන හා නිවාස සංගණන නිලධාරීන් කිසි කෙනෙක් මාව හම්බවෙලත් නෑ මේ වෙනතුරු, හැබැයි අරගෙන බැලුවොත් ප්‍රාදේශීය ලේකම්තුමිය මගේ ගෙදරටත් ආවා කියලා සල්ලි අරගෙන ඇති. කෝ සංගණනය. එතකොට මේ සංගණනය කා සදහාද? මම දන්න දේ ගැන මම කතා කරන්නේ. ඉතිං මේ වගේ තව කොච්චර ඇද්ද? මේව හරිගස්සන්න. මගේ තොරතුරු ගන්න නම් එන්න එපා ආයිත්. අපි කල්ලතෝනිනම් කල්ලතෝනි හැටියට ඉන්න ඕනානේ. ජන හා නිවාස සංගණනයේ තොරතුරු වැරදියි කියලා අපි ඕන තැනක කියනවා” යනුවෙනි.









