ආණ්ඩුව බලය රැකගන්න අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනගසා හමාරයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උළෙලේදී ටිල්වින් සිල්වා කියයි.

බහුජන සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උළෙල අද (27) උදේ කොළඹ 07 නිදහස් මාවතේ පදනම් ආයතනයේදී පැවැත්වීය. එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරුවන් වන හිටපු පා.ම. ලාල්කාන්ත මහතා සහ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු විද්වතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීය. එහිදී පැමිණි සිටි පිරිස ඇමතූ අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේ.ඩී.ලාල්කාන්ත මහතා

මාස කීපයක් පුරා රටේ විවිධ ප්‍රදේශවල සම්මන්ත්‍රණ කීපයක් පවත්වමින් අපේ රටට අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීම පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම අවස්ථා කිහිපයකදී අභ්‍යන්තර සාකච්ඡා වට කීපයක් කළා. මේ සාකච්ඡාවල සම්මන්ත්‍රණවල ප්‍රතිඵලයක් විදියට “අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය“ ගොඩ නගන්න අපට හැකිවුණා.

මෙවැනි ව්‍යාපාරයක අවශ්‍යතාවය දැඩිව දැනෙන මොහොතක ඒ වගේම කල් දැමිය නොහැකි අවස්ථාවකට අපි පත්වී සිටිනවා. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වේගයෙන් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සිදුකරමින් තිඛෙනවා. ආර්ථීක දේශපාලනකි සංස්කෘතික සහ සාමාජීය සියලූම අංශ ගිල ගනිමින් සිටිනවා. පසුගිය 18 වෙනිදා ජී.එල්.පීරිස් ඇමතිවරයා හිලරි ක්ලින්ටන්ට දින වකවානු සහිතව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම තීරණාත්මක තත්වයක්. පසුගිය මාර්තු 22 වනදා ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරගත්තාට පසු ආණ්ඩුව අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දණ ගැසීම ඉතා පැහැදිලිව කර තිඛෙනවා. ආර්ථීක, සංස්කෘතික, දේශපාලනික මේ සියලු පෙ

රමුණුවල සැබෑ අධිරාජ්‍ය විරෝධී අරගලයකින් තොරව ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය ආපසු හරවන්න බැහැ. මේ දක්වා ඉතිහාසය පුරා සිදු කෙරුණේ ආර්ථීක සහ සමාජ පෙරමුණුවල දණගැසීමක් තිබුණා. නමුත් දැන් දේශපාලනිකවත් පැහැදිළිවම අධිරාජ්‍යවාදීන් ඉදිරියේ මේ ආණ්ඩුව දණගසා ඉවරයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා අධිරාජ්‍යවාදීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන් සියලුම කාර්යභාරයන් ඉටුකරමින් ඉන්නවා. ඛෙදුම්වාදී මතවාදය පෝෂණය කරන අධිරාජ්‍යවාදීන් ඇතුලු සංවිධාන මේ මොහොතේ එකතු කිරීම කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි. අපි සියලු දෙනා අධිරාජ්‍යවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කාර්යභාරය නිවැරදිව හදුනාගත යුතු වෙනවා. ඒ වගේම අධිරාජ්‍යවාදය පරාජය කිරීමේ කාර්යභාරයත් නිවැරදිව හඳුනාගත යුතු වෙනවා. මේ කාර්යභාරය ඉෂ්ඨ කිරීමට අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය මින් ඉදිරියට දැඩි ශක්තියකින් හා ධෛර්යකින් කටයුතු කර අධිරාජ්‍යවාදය පරාජය කරන බව ස්ථීරයි. අද වගේම හෙටත් මේ වෙනුවෙන් ජනතාව පෙළගැහෙන බවත් ස්ථීරයි. අද ආරම්භය සටහන් කළා විතරයි.


අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමි.

අධිරාජ්‍යවාදය ගැන අපි වැඩිහිටියන්ගෙන් අසා තිබූ කියවා තිබූ ඉතිහාසයේ ස්වරූපයට වඩා අද ක්‍රියාත්මක වන්නේ ඛේදවාචක ගණනාවක ස්වරූපයෙන්. සමාජ, දේශපානික, සංස්කෘතික සහ ආර්ථීක සියලුම ක්ෂේත්‍රවල අමානුෂික අයුක්තිසහගත, අසාධාරණ ආකාරයට අද අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීම් සිදුවෙනවා. මෙවැනි වටපිටාවක සිංහල, දෙමළ, මුස්ලිම් මැලේ, බර්ගර් යන සියලූ දෙනා ඒකරාශී වී අධිරාජ්‍යවාදීන් පැරදවීමේ අරගලය ඉල්ලා සිටියා. මේ වන විට මව්බිමට මහත් ව්‍යසනයක් ඇති කරමින් අධිරාජ්‍යවාදී සවිඥානක මැදිහත්වීම් සිදුකරනවා. මේ නිසා අධිරාජ්‍යවාදයට විරුද්ධ බලවේග ඒකරාශී වී තීව්‍ර වන අධිරාජ්‍යවාදී ක්‍රියාමාර්ග පරාජය කළ යුතුයි.

ඉතිහාසයේ මෙවැනි ව්‍යසනයන්ට විරුද්ධව සටන් කළ අත්දැකීම් අපට තිඛෙනවා. එම අත්දැකීම් සම්භාරය උපයෝගී කරගෙන අධිරාජ්‍යවිරෝධී අරගලය නරඹන්නන් බවට පත් නොවී ක්‍රියාකාරී සටන්කරුවන් බවට පත්වීමේ අවශ්‍යතාවය දැන් මතුවී තිඛෙනවා. මුළු ශ්‍රී ලාංකීය ජාතියම ගලවාගැනීමේ ව්‍යාපාරයට මැදිහත්වීම මේ මොහොතේ පුරවැසියා සතු අයිතියක් සහ වගකීමක්.

එයට පක්ෂ බේදයක් තිබිය නොහැකියි. විවිධ සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරිකයන්, රටට ආදරය කරන සියලුම දෙනා මැදිහත්වී ඉතා ඉක්මනින් ක්‍රිරයාකිරීම අවශ්‍යයි. ඒ වගේම බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු යන සියලු ආගම් අදහන්නන් එකතුවීමත් අවශ්‍යයි. ජාතිකත්ව වශයෙන් හෝ ආගම් වශයෙන් හෝ ඛෙදීම් තිඛෙන තාක්කල් අධිරාජ්‍යවාදීන්ට වාසි සහගත තත්වයක් බව පැහැදිලියි. අද අපිට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ හෝ ඛෙදීම් වෙනුවට නිවැරදි අරමුණු සමග ඒකරාශී වීමයි.

තාවකාලිකව ගලවාගැනීම් නොව මේ මොහොතේදී රට ඉල්ලා සිටින්නේ නිට්ටාවට සුව කර ගැනීමේ වැඩපිළිවෙලක්. ඒ සඳහා දැවැන්ත බලවේග ඒකරාශී වූ එක් මධ්‍යස්ථානයක් අවශ්‍යයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ඒ මධ්‍යස්ථානය පිහිටුවීමේ ආරම්භක සලකුණයි. එක් දාර්ශනිකයෙකු කියා තිඛෙනවා ලෝකයේ එක් වැසියෙකු හෝ බඩගින්නේ සිටීනම් ඒ ලෝකය විනාශ කළ යුතු බව. ඔහු කියන්නේ ලෝකයේ නිෂ්පාදන සියලූ මිනිසුන්ගේ පරිභෝජනයට ප්‍රමාණත් බවයි. ඒ නිෂ්පාදන සාධාරණ විදියට ඛෙදාහැරීමක් නොකරන්නේ නම් එවැනි ලෝකයකින් වැඩක් නැති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් අද ලෝකයේ යථාර්ථය එයට වඩා බරපතල විදියේ වෙනස්කම් සහිතයි. සියලූම රටවල දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම් එකතු කළ විට ලැඛෙන ප්‍රමාණයෙන් 86%ක් භුකිති විඳින්නේ ලෝකයේ ධනවත්ම මිනිසුන් 20%ක්. අනික පැත්තට කියවෙන්නේ මුළු ලෝකයේම දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකමින් 14%ක් භුක්ති විඳීමට මුළු ජනගහනයෙන් 80%කට සිදුවී තිඛෙන බවයි. පවතින විෂමතාවය සුළුපටු නොවන බව පැහැදිලියි. ම්ලේච්ඡ, නග්න සහ ප්‍රචණ්ඩ අධිරාජ්‍යවාදීන් සූරාකෑමේ ප්‍රතිඵලයක් විදියට මේ තත්වය නිර්මාණය වී තිඛෙනවා. ලංකාවේ තත්වයත් ඒ වගේම බරපතලයි. ඉහළම ආදායම් ලබන පවුල් 20% දළ ජාතික නිෂ්පාදිතයෙන් 52%ක් අත් කරගෙන තිඛෙනවා. ඉතිරි 80% දෙනාට හිමිවන්නේ ජාතික නිෂ්පාදිතයෙන් 48%යි. ජනගහනයෙන් අඩුම ආදායම් ලබන10%ක් භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 1.1%යි.

ආදායම් ඛෙදී යෑමේ විෂමතාවය නිසා සිදුවී තිඛෙන අසාධාරණකම් සෞඛ්‍යය අධ්‍යාපනය වැනි අංශවලදී කැපී පෙනෙනවා. ගැබිණි මව්වරුන්ගෙන් 28% රක්තහීනතාවයෙන් පෙළෙන බව සොයාගෙන තිඛෙනවා. ළමුන්ගෙන් 26%ක් නීරක්තයෙන් පෙළෙනවා. ජනාධිපතිවරයා යන යන තැන ළමයින් සිඹ ගත්තාට වැඩක් නැහැ. අවුරුදු 5ට අඩු ළමුන්ගෙන් 15%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ වගේම අලූත්ම තොරතුරුවලින් හෙළිවන්නේ ලංකාවේ ජනගහනයෙන් 122 දෙනෙක් දවසකට සියදිවි නසාගන්නට උත්සාහ කරන බවයි ඒ අතරින් 12 දෙනෙක් සියදිවි නසාගන්නවා. ඒ වගේම රෝහල්වල තදබදය, ඖෂධ හිගය වගේ හේතු නිසා මිය යන සංඛාව ගණන් බලා නැහැ. අම්බලන්ගොඩදී තම පුතා සමග ගඟට පැන්න තාත්තා ආර්ථීක පීඩනයට උත්තරය තෝරාගෙන තිබුණේ සියදිවි නසාගැනීමයි.

අද පවතින්නේ හුදු වාණිජ සම්බන්ධතා විතරයි. දෙමාපිය දූදරු සම්බන්ධතා නැහැ. භික‍ෂූන් වහන්සේලා සහ ගිහි සම්බන්ධතා නැහැ. ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර සම්බන්ධතා නැහැ. විදුහල්පති, ගුරුවරු අතරත් ගුරුවරු සහ සිසුන් අතරත් සම්බන්ධතා නැහැ. හැම තැනම තියෙන්නේ මුදල් ගණුදෙනුවලට ලඝුකළ සම්බන්ධතා විතරයි. ඒ නිසා ආර්ථීක නිෂ්පාදනයේ ඛෙදී යෑමේ විෂමතාවය මානව සම්බන්ධතා බිඳදා ඇති ආකාරය අපට පැහැදිලියි. අද අවශ්‍ය වෙන්නේ මානව සම්බන්ධතා බිඳින හුදු මුදල් ගණුදෙනු පමණක් සිදුවන සමාජයක් නෙවෙයි. ආර්ථීක නිෂ්පාදන ක්‍රියාවලියට සමස්ථ මහජනතාවම සම්බන්ධ කර ගැනීමත් නිෂ්පාදන ප්‍රතිලාභ සියලු දෙනාට සාධාරණ ඛෙදී යෑමත් සිදුකරන ජනතා ආර්ථීකයක් නිර්මාණය කළ යුතුයි.

දේශපාලනයේදී රටේ ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය ආරක්ෂා කරන සිංහල, දෙමළ,මුස්ලිම් සියලු දෙනා ඒකාත්මික කරන තත්වයක් නිර්මාණය කළ යුතුයි. අධිරාජ්‍යවාදීන්ගේ ඉල්ලීම් ඉටු කරමින් ඔවුන් ලඟ දණගසා මේ දේ කළ නොහැකියි. ඒ නිසාම අධිරාජ්‍යවාදීන් විවිධ කුමන්ත්‍රණ උගුල් අටවමින් උපක්‍රම තෝරමින් අධිරාජ්‍ය විරෝධී අරගල අඩපන කිරීමට උත්සාහ කරනවා. මේ වගේ උත්සාහයන් උපන් ගෙයිදීම හදුනාගත යුතුයි. නමුත් අද මහින්ද රාජපක්ෂ පාලනය ක්‍රියාකරමින් සිටින්නේ ඒ අධිරාජ්‍යවිරෝධී අරගලයට පණදෙනවා වෙනුවට අධිරාජ්‍යවාදින් ඉදිරියේ දණගැසීමයි. නුතන අධිරාජ්‍යවාදීන් එක්ක ගැටෙන්න අධිරාජ්‍යවිරෝධී ජනතාවගේ පළල්ම මධ්‍යස්ථානයක් අවශ්‍යයි. එවැනි පළල් මධ්‍යස්ථානයක අරගල බිමේදී ජයග්‍රහණ ලබාගත හැකි බව ඉතිහාසය ඔප්පු කර තිඛෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් බලය ඛෙදීමට යෝජනා කරන විට අපේ රටේ කි්‍රස්තුපූර්ව අවධියේ නගර ගුත්තිකයන් පත්කර පරිපාලන බලතල බලතල විමධ්‍යගත කළ බව සඳහන් වෙනවා. අපි හොඳින් පැහැදිලි කර ගත යුතු කාරණයක් නම් නූතන අධිරාජ්‍යවාදීන් බලකරන බලය ඛෙදාහැරීමට ඉතිහාසයේ තැනක් තිබුණේ නැති බවයි. ඒ වෙනුවට ජනතවට සමීප ප්‍රශ්න විසඳාගත හැකි ආකාරයේ පරිපාලන බලතල විමධ්‍යගතකර තිබෙනවා.

ශ්‍රී ලාංකික මුතුන් මිත්තන් ඊශානදිග සහ නිරිතදිග වැසි සේම සංවහන වැසි ජලය ගබඩා කරගත්තා. මහා වාරි පද්ධති බිහිකර ඒ මත ජනතා සහභාගිත්වයෙන් යුත් නිෂ්පාදන ක්‍රියාවලියක් රට තුළ ඇතිකර තිඛෙනවා. අධිරාජ්‍යාදීන් විසින් කැබලි කර දමන්නේ මේ වගේ අධ්‍යාත්මික වටිනාකම් සම්භාරයක් දේශපාලනයේදී සියල්ල කළේ මමයි යන්න ඉස්මතු කිරීමට ක්‍රියාකරන්නෙත් අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහය ඇතිවයි. නමුත් අපට අවශ්‍ය වන්නේ සාමූහිකත්වය තුළින් ඕනෑම අභියෝගයක් පරාජය කර ජයග්‍රහණය ලැබීමයි. මහා සුනාමි ව්‍යසනයෙන් විනාශවී ගිය මුහුදු බඩ දුම්රිය මාර්ගය දින 57කින් යළි යථාතත්වයට පත්කළා. අධිරාජ්‍යවාදීන්ගේ ගණන් බැලීම් සියල්ල ආපසු හැරවිය හැකි ජනතා බලවේගයක් ක්‍රියාත්මක වූ ආකාරය ගැන මෑත හොඳම නිදර්ශනය මේ දුම්රිය මාර්ගයයි. මේ වික්‍රමය කළේ නිල බලයක් අත්පත් කරගෙන නෙවෙයි. කකුල් මාට්ටු දැමීම ඇතුලු බාධාකිරීම් රාශියක් මධ්‍යයේ ඇත්ත දේශප්‍රේමී ජයග්‍රහණ ලබාගැනීමට නූතන අත්දැකීම් සහ අතීත අත්දැකීම් සියල්ල ඒකරාශී කරගත් උපාය උපක්‍රම සහිත වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. ජාත්‍යන්තර බලය සමග ගැටීම, රාජ්‍ය බලය සමග ගැටීම, පසුගාමී පරාධීන ආකල්ප හදුනාගැනීම කියන මූලික කාරණා. අපේ ගමනට විරුද්ධව නැගී සිටිනවා. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය යෝධ නැගී සිටීමකට ශක්තිය ගත යුතු වෙනවා. සමාජයේ අස්සක් මුල්ලක් නෑර අතුපතර විහිදී යායුතුයි. ඒ විහිදී යන අතුපතර රැකබලාගත යුතුයි. අපේ මව් බිම සදාකාලිකව අධිරාජ්‍යවාදී මැදිහත්වීමෙන් ගලවාගැනීමට මෙවැනි වැඩපිළිවෙලක් ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍යයි. නව ලිබරල් වාදී ධනේශ්වරය අත්වැල්බැඳගෙන සිටීම අධිරාජ්‍යවාදී මැදිහත්වීමෙන් රට ගලවා ගත හැක්කේ එවැනි වඩ පිළිවෙලකට පමණයි. මරණයට වගේම ජීවිතයට හිමි වටිනාකම් ජනතාවට ලබාදිය යුතුයි. අරගලයේ මියයාම මරණයට සදාකාලික වටිනාකමක් ඇතිවීමයි. අධිරාජ්‍යවිරෝධී අරගලයට ජීවිත කැපකිරීම පුද්ගලයෙකුගේ ජීවිත කාලය ලැබිය හැකි මහාම වටිනාකමයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අධිරාජ්‍යවාදීන් තම පැවැත්ම තහවුරු කර ගැනීමට අපේ වගේ පරිධියේ රටවලට එල්ල කර තිඛෙන සූරාකෑම වැඩිකරමින් සිටිනවා. ඒ වගේම තමන්ගේ පැවැත්මට එරෙහිව සටන් කරන සැබෑ අධිරාජ්‍යවිරෝධී සංවිධානවලින් ජනතාව ඈත් කිරීමට බොරු අධිරාජ්‍යවිරෝධී සටන්පාඨ යොදාගන්නා ක්‍රියාකාරිත්වයකුත් තිඛෙනවා. මීට එරෙහිව අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය පිහිටුවා ගැනීම කාලීන වශයෙන් දිනාගත් වැදගත් ජයග්‍රහණයක්.

ලෝකයේ ධනවාදය මේ වනවිට අවුරුදු 500ක් සම්පූර්ණ කර ඉවරයි. විසිවන සියවස ආරම්භයේදී ධනවාදය අධිරාජ්‍යවාදය කරා ගමන් කළා. අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහළම අවධිය බව අපි කවුරුත් අවබෝධ කරගෙන සිටිනවා. මේ වනවිට ලෝක යුද්ධ දෙකක් ජනතාව මත පීඩනයට මුල්වුණ බව අපි දන්නවා. මේ යුද්ධ දෙකම ඇතිවුණේ ලෝකයේ ඛෙදා ගැනීමේ අධිරාජ්‍යවාදී උවමනාව නිසයි. හිටපු කියුබානු නායක පිදෙස් කස්ත්‍රෝ වරක් කියා තිබුණේ ලෝක යුද්ධය සාම්ප්‍රදායික අවිවලින් ආරම්භ කර න්‍යෂ්ටික ආයුධවලින් අවසන් කළ බවයි. නමුත් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවුවහොත් එය ආරම්භ වන්නේම න්‍යෂ්ඨික අවිවලින් බවත් එවැනි යුද්ධයක් අවසානයේදී ලෝකයේ කිසිවක් ඉතිරි නොවන බවත් කස්ත්‍රෝ කියා තිබුණා. මේ නිසාම අධිරාජ්‍යවාදීන් තුන්වන ලෝක යුද්ධයකට සූදානම් බව පෙනෙන්නට නැහැ. නමුත් 21 වෙනි සියවස ආරම්භයේදී ඇමරිකාව ප්‍රකාශ කළේ මේ සියවස ඇමරිකාවේ සියවස වන බවයි. ඒ වගේම 21 වෙනි සියවස ආරම්භයේදී ඇමරිකාව කීවේ බැක් ටු ඒෂියා යනුවෙනුයි. ආසියාවට ආපසු යනු යන්න ඔවුන්ගේ අදහස වුණා. ආසියාව සතුව තිඛෙන සම්පත් කොල්ල කා ගැනීම එහි අරමුණයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය මානව හිමිකම් කොමිසම ආදී සංවිධාන සියල්ල අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් ක්‍රියාකරන ආයතන බවට පත්කරගෙන තිඛෙනවා. ඒ නිසා වර්තමාන අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙන්නේ සංකීර්ණ පසුබිමක් යටතේ. මේ බව නිවැරදිව තේරුම් ගැනීමෙන් අධිරාජ්‍යවාදී බලවේග වලට විරුද්ධ සංවිධානවලට ජයගත හැකියි. වියට්නාම් යුද්ධයේදී මහජනතාවගේ බලවේගය ජයග්‍රහණය කළේ ඒ නිවැරදි දැක්මක් තිබුණ නිසයි. කියුබාවට එරෙහිව අධිරාජ්‍යවාදීන් දිගින් දිගටම ගෙන යන මර්දනය අභිබවා නැගී සිටීමට හැකිව ඇත්තේ මේ නිවැරදි දැක්ම සහ වැඩපිළිවෙලක් සහිතවීම නිසයි. මහජන බලවේගය නිවැරදි දැක්මක් සහිතවය හැසිරවීමෙන් ඕනෑම බලවේගයක් පරාජයට පත්කළ හැකි බව ඔප්පු කර තිඛෙනවා. අධිරාජ්‍යවාදයේ උපාය උපක්‍රම හාම එකක්ම දැවැන්ත ජනතා කි්‍රයාකාරිත්වයට යටපත් කළ හැකියි. අධිරාජ්‍යවාදය පරාජය කිරීම අවි ආයුධ සමග බැඳුණු කටයුත්තක් යැයි වරදවා තේරුම්ගත යුතු නැහැ. නූතන අධිරාජ්‍යවාදීන් ආර්ථීක සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ කර තිඛෙන විනාශයන් පරාජයට පත්කිරීම විශාල වශයෙන් ජනතා ජයග්‍රහණ ලබාගැනීමට හේතුවක්.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස් වුණු බව පැවසුවද 1948 දී සිදුවුණේ සැබෑ නිදහසක් නොවේ. 20 වන සියවස ආරම්භයේදී ධනවාදය අධිරාජ්‍යවාදය කරා ගමන් කළ ආකාරය ලාකික අත්දැකීම්වලින් පැහැදිලිව හදුනාගත හැකියි. අපේ රටේ ආර්ථීකය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීන්දු කරන්නේ මුදල් ඇමතිවරයා හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නොවේ. මුදල් ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පී.බී. ජයසුන්දර මහතාත් ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අධිරාජ්‍යවාදී ආයතන ලබාදෙන නියෝග පිළිපැදීම විතරයි. රුපියල පාලනය කරගෙන ඉඳිමෙන් ඉවත්වන ලෙස මූල්‍ය අරමුදල නියෝග කරා. ආණ්ඩුව නියෝගය ක්‍රියාත්මක කළා. රුපියලේ අගය පහත වැටුණා. මේ ආකාරයේ අධිරාජ්‍යවාදී තීන්දු පරිධියේ රටවල් මත පටවන ක්‍රියාමාර්ගවලට අපේ රට ගොදුරු වී ඇත්තේ වට ගණනාවකින්. 00 උග්‍ර ඇමරිකන් විරෝධී සටන්පාඨ ඔසවන ඇමතිවරුන් සිටින ආණ්ඩුවක්. ඇමරිකානු ඩෝල් සමාගමට පොළොන්නරුවෙන් අක්කර 5000ක් ලබාදුන්නා. පැ

ලවත්තෙන් අක්කර 2500ක් ලබාදුන්නා. ඇමරිකානු සමාගම් වලට අක්කර දහස් ගණන් ලබාදෙන්නේ මේ රටේ ජනතාවට දැඩි ඉඩම් හිගයක් පවතිද්දී. ඒ වගේම කෘෂිකර්මාන්තයේදී අපේ ගොවියා මෙහෙයවන්නේ මොන්සැන්ටෝ සමාගම, බවර් සමාගම නැත්නම් සී.අයි.සී. සමාගම වැනි බහුජාතික සමාගම් විසින් අපේ රටේ නිෂ්පාන ආර්ථීකය කෘෂිකර්ම ක්ෂේත්‍රයේදීත් අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසුකර තිඛෙන්නේ මේ බහුජාතික සමාගම් හරහා. වී අස්වැන්න නෙළන කාලයේදී විකුණාගත නොහැකිව අම්පාරේ ගොවීන් වී වලට ගිණිතබා විරෝධතාව දැක්වූවා. දඹුල්ලේ එළවළු ගොවීන් එළවළු විකුණාගත නොහැකිව පාරේ හලා ගියා. නුවරඑළියේ කිරි ගොවීන් තමන්ගේ කිරිටික මහපාරේ හලා විරෝධය පළකලා. ඇඹිලිපිටියේ කෙසෙල් නිෂ්පාදන ගොවීන් වගේම බිත්තර නිෂ්පාදකයන් පවා මේ තත්වයට පත්වී තිඛෙනවා. ඉතාම දුෂ්කර තත්වයන් යටතේ කරන නිෂ්පාදන විකුණාගත නොහැකි තත්වයට පත්වී තිඛෙනවා.

නමුත් ආණ්ඩුව කතා කරන්නේ ජාතික ආර්ථීකයක් ගැන. මේ කියන ජාතික ආර්ථීකය මිත්‍යාවක්. නව ලිබරල්වාදී උපාය උපක්‍රම මත ජාතික ආර්ථීකයක් ගොඩනගන්න බැහැ. අපේ රටේ අද පවතින්නේ ණය සහ බදු මත ගෙනියන ආර්ථීකයක් බව ඉතාම පැහැදිලියි. විදේශ ණය මත ආර්ථීකය පදනම්වන විට දේශපාලන වශයෙන් රටකට බලපෑම් එල්ල වෙනවා. පවතින ආණ්ඩුව තම බලය රැකගැනීමට අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් ඉදිරියේ ධන නමනවා හැර වෙන කිසිවක් කරන්නේ නැහැ. ඒ නිසා අද අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වන්නේ පවතින ආණ්ඩු සමග එකතු වෙලයි. ඉන්දු ලංකා ගිවිසුම මගින් අසල්වැසි ඉන්දියාවට රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත්වීමට පාර කැපුවා. අද ඊටත් එහා ගිය නීත්‍යානුකූල තත්වයක් යටතේ අධිරාජ්‍යාවාදී මැදිහත්වීම්වලට පාර කපා තියෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහායි. මානව හිමිකම් ලේබලයට මුවා වී මේ යෝජනා කි්‍රයාත්මක වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය කළ නොහැකි පාලකයන් අධිරාජ්‍යවාදය පරාජය නොකරන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ වනවිටත් අධිරාජ්‍යාවාදීන් හමුවේ දන ගසා අවසන් බව ජී.එල්.පීරිස් ක්ලින්ටන් හමුවේදී තහවුරු වී තිඛෙනවා.

නමුත් උතුරේ ජනතාවට අවශ්‍යවී තිඛෙන්නේ බලය ඛෙදීම හෝ එල්.එල්.ආර්.සී නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීම නොවේ. ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උතුරේ සංචාරය කළ අස්ථාවේදී ඒ ජනතාව 13ප්ලස් ඉල්ලූවේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ සිවිල් පරිපාලන කටයුතු සහ මූලික මානව හිමිකම් ආරක්ෂා කර දෙන ලෙසත් මුල් ගම්බිම්වල පදිංචි කරන ලෙසත් ඉල්ලා තිබුණා. අද පීඩාවට පත්වී සිටින්නේ උතුරේ ජනතාව පමණක් නොවේ. ඒ වගේම නිර්ධන පංතිය පමණක්ද නොවේ. හැම පැත්තකින්ම අතිශය බරපතල ප්‍රශ්න ගණනාවකින් ජනතාව පීඩා විඳිනවා. වර්තමාන අධිරාජ්‍යාවදී බලවේග සංකීර්ණ තල කීපයකින් ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලයක් ලෙස මේ පීඩනයන් ඇතිවී තිඛෙනවා. එය පරාජයට පත්කළ හැක්කේ පක්ෂ 4ක් 5ක් එක්වී ගොඩ නගාගන්නා ව්‍යාපාරයකින් නොවේ. පළල් මහජන ව්‍යාපාරයකින් එය පරාජයට පත්කළ හැකියි. කම්කරුවන් ගොවියන් ශිෂ්‍යයන් ධීවර කුඩා තේවතු හිමියන් වගේම රටේ උගතුන් බුද්ධිමතුන් නියෝජනය කරන පළල් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයක් එයට අවශ්‍යයි. එය ව්‍යාපාරයක් ධනවාදයට එරෙහිවීමක් වළක්වන්න බැහැ. සියලුම බාධා අභියෝග පරාජය කරමින් ජයග්‍රහණය කළ හැක්කේ සියලු බලවේගවල සංයුක්ත ව්‍යාපාරයකට පමණයි. අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය එවැනි සැබෑ අධිරාජ්‍ය විරෝධීන් සියලු දෙනාටම විවෘතයි. ඒ තුළ උපරිම කැපවීමෙන් ගෙනයන අරගලයක් අවසාන ජයග්‍රහණය දක්වා පරාජය කළ නොහැකියි. එවැනි ජනතා බලවේගයකට ඕනෑම ආකාරයක අධිරාජ්‍යවාදී උපාය උපක්‍රම පරදා ජයග්‍රහණ ලබාගත හැකි බව ඉතිහාසය ඔප්පු කර තිඛෙනවා.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ උප සභාපතිනී සරෝජනී පෝල්රාජ්

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ මංගල මහ සමුළුවට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සුභ පැතුම් පිරිනමනවා. සිංහල, දෙමළ, මුස්ලිම් දෙමළ කාන්තාවන් සියලු දෙනාටම තිඛෙන මූලික ප්‍රශ්න එක හා සමානයි. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහන පහසුකම්, නිදහස හා සමානාත්මතාවය යන අයිතීන් අපේ මූලික ඉල්ලීම් අතර තිඛෙනවා. මේ අයිතීන් වසරින් වසර අහිමි වෙමින් තිබෙන තත්වයක් යටතේ ඒවා දිනාගැනීමට අපි උතුර දකුණු බේදයකින් තොරව සියලුම කාන්තාවන් ඒකරාශී කරමින් සිටිනවා.

අධිරාජ්‍යවාදීන් සම්පත් සූරාකමින් මිනිස් අයිතීන් උදුරාගනිමින් සිටිනවා. අයිතීන් උදෙසා කාන්තාවෝ හැටියට අප මේ තත්වයට විරුද්ධව අරගල කරමින් ඉදිරියට තැබූ පය පිටුපස්සට ගන්න කිසිසේත්ම සූදානම් නැහැ. කවර දුෂ්කර තත්වයක් යටතේ හෝ කළ යුතු පරිත්‍යාගයන් ඕනෑම දෙයක් කිරීමට අපි සූදානම් උතුර දකුණ නැගෙනහිර බටහිර සියලුම දෙනා ඒකරාශී වෙමු මේ ගෙවී යන ගමන වඩා ශක්තිමත්ව එක්සිත්ව ඉදිරියට යමු අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ ජයග්‍රහණය වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ උපරිම ශක්තිය හා ධෛර්ය ලබාදෙනවා. වඩා ශක්තිමත්ව ඉදිරියට යමු. අපේ පැතුම එයයි.

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ ජාතික විධායක සභික හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිරි

ලංකාවට 1505 ඇරඹුණු සම්පත් කොල්ලය අදත් එලෙසින්ම ක්‍රියාත්මකයි. අධිරාජ්‍යවාදීන් යටතේ පැවැතියාට වඩා දරුණු කොල්ලකෑමක් අද දවසේදී දැකිය හැකියි. උසස් පෙළ ශිෂ්‍යන් ලෙස 1990 දී අධ්‍යාපනය ලබන අවධියේ එක් ලාංකිකයකුගේ විදේශීය ණය බර රුපියල් 5000යි. අද එය2,50,000කට ආසන්නයි. රජයේ වාර්ෂික ආදායමෙන් 80%ක් වෙන්වන්නේ ණය වාරික හා පොළී ගෙවීමටයි. මේ වගේ ආර්ථීකයක් තව දුරටත් පවත්වාගෙන යන්නේ කොහොමද කියන බරපතල ප්‍රශ්නය මතුවී තිඛෙනවා.

අපේ රටට ජනවාරි සිට දෙසැම්බර් දක්වා වැඩකළ හැකි දේශගුණ තත්වයක් තිඛෙනවා. සමහර රටවල වැඩකළ හැක්කේ මාස 06යි. නමුත් අපේ රට අද පත්ව ඇති තත්වය ගැඹුරින් සිතා බැලිය යුතුයි. කිසිදු පුද්ගලයෙක් ආහාර නැතිව මිය යා යුතු නැති පරිසරයක අපි ජීවත් වෙනවා. නමුත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද? වෙන කෙනෙකුට ඇඟිල්ල දිගු කර වැඩක් නැහැ. මේ තත්වය ගැන අපි සියලු දෙනාම වගකිව යුතුයි. පාලකයන් පත්කරන්නේත් අපි. එවැනි පාලකයින් මේ රට ගෙනත් තිඛෙන්නේ රජයේ වාර්ෂික ආදායමෙන් 80%ක් ණය සහ පොලී ගෙවන තත්වයකටයි. ඒ වගේම ජාතික ආර්ථීකයෙන් 60%ක් සේවා අංශයෙන් ආවරණය වෙනවා. මේක හරියට කෙහෙතාගේ අපලය වගේ සේවා සැපයිය යුත්තේ නිෂ්පාදනයට අදාලවයි. නමුත් බටහිර ආර්ථීක න්‍යායන් සහ සංකල්ප අපේ රට අගාධයකට හෙළා තිඛෙනවා. සාපේක්ෂතාවාදී ආර්ථීක න්‍යාය හිස් මුදුනින් පිළිගෙන අඳුරට ඇද දා තිඛෙනවා. අද අවශ්‍ය වන්නේ අඳුරට සාප කරනවට වඩා එක් පහණක් හෝ දැල්වීමයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය එවන් පහණක් දල්වමින් කටයුතු ආරම්භ කොට තිඛෙනවා.

අද වී වගාවෙන් පොහොසත් වන්නේ මෙරට ගොවියා නොවේ. විදේශ රටවල ගොවීන් සහ බහුජාතික සමාගම්. අපේ අපේ ගොවියගේ අමුඩ ලේන්සුව පවා පිටරටින් ගෙනවා. ටින් මාලු කර්මාන්තයක් ආරම්භ කළා. මැෂින් ගෙනාවෙත් චීනෙන්. ටින් එක ගේන්නෙත් චීනයෙන්. මාලුවා ගේන්නෙත් චීනයෙන්. අපිට එකතු වෙන දෙයක් නැහැ. සියල්ලම ණයට. මේ තත්වය නැවැත්විය යුතුයි. එය නැවැත්විය හැකියි. ඒ වෙනුවෙන් සංවිධානය කළ නිවැරදි වැඩපිළිවෙලක් වහාම ක්‍රියාවට නැගිය යුතුයි. නව පර්යේෂණ සඳහා ලෝකයේ අඩුවෙන්ම මුදල් වියදම් කරන්නේ අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.6%ක් වූ අවම මට්ටමක එය පවතිනවා. මෙවැනි තත්වයක් යටතේ නව දැනුම රටට එකතු වෙන්නේ නැහැ. ගොවියාගේ අමුඩ ලේන්සුව පිටරටින් ගේන්නෙත් ඒ නිසයි. අපි ඇන්දත් පෝසත් වෙන්නේ පිට රටක්. කෑවත් පෝසත් වෙන්නේ පිට රටක්. මේ තත්වයෙන් ගැලවිය යුතුයි. හැබැයි සියල්ල මුදල් මත මැනිය හැකියැයි කියන ආකල්පය මත එය කළ නොහැකියි. සුදු අධිරාජ්‍යවාදීන්ට වඩා අපේ රට විනාශ කළේ ලංකාවෙම මිනිස්සු. ඒ විනාශයට ඉවහල් වුණේ සියල්ල මුදල් මත කළ හැකියි යන ආකල්පයයි.

පිටරටින් ගේන සියල්ල ප්‍රතික්ෂේප කළ යුතුයි. මෙයින් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. විදේශයන්ගෙන් ගත යුතු දේ අප ලබාගත යුතුයි. අපේ රටට අවශ්‍ය ආකාරයට ගලපා ගත යුතුයි. ඉන්දියාව හොඳ උදාහරණයක්. ටාටා, මරුටි වාහන නිෂ්පාදනයට අදාල තාක්ෂණය පිටරටවලින් ලබාගත්තා. ඒ නිෂ්පාදන කර්මාන්ත වල අයිතිය 51%වැඩි ප්‍රමාණයක් ඉන්දියාව සතු කරගත්තා. ලංකාවේ මේ තත්වයක් නැහැ. කෙටිකාලීන වාසි ඉලක්ක කරගත් චින්තනයක් පවත්වාගෙන යනවා. මේ පාලකයන් ඒ බව තේරුම්ගෙන රට හදන්න උත්සාහ කරන්නේ නැහැ. සියල්ල මුදල් මත තීරණය වන නව ලිබරල් ආර්ථීකයට රට බිලි දී අවසන්. අපට රොකට් හදන්න අවශ්‍ය නැහැ. නමුත් හොඳම උදැල්ල හදන්න අවශ්‍යයි. එයට උදව් දිය හැකි බුද්ධිමත් මානව සම්පතක් රට සතුව තිඛෙනවා. වර්තමාන පාලකයන් කරන්නේ ඒ මානව සම්පත එලවා දැමීමට කි්‍රයාකිරීමයි. නමුත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය මේ මානව සම්පත රටේ සැබෑ සංවර්ධනය වෙනුවෙන් යොදාගැනීමේ වැඩපිළිවෙලක් සහිතව ක්‍රියාත්මක කිරීමට මුල පුරා තිඛෙනවා. ඒ නිසා මේ සංවිධානය බිහි කර තිඛෙන්නේ අවශ්‍යම වෙලාවකයි. අපි අපි පාලකයන්ට කියන්නේ බොරු එපා. ප්‍රමුඛතා හඳුනාගෙන සැලසුම් සහගතව ඒ ප්‍රමුඛතාවලට මුල්තැනදී රට සංවර්ධනය කළ යුතු බවයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය සියලූම නව ලිබරල්වාදීන්ගේ බොරුවලට එරෙහිව ජනතාව දැනුවත් කරමින් සංවිධානය කරනවා. රට ජයග්‍රහණයකරා ගෙන යනවා.

සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ ජාතික විධායක සභික කිලිනොච්චියේ එස්. රාජේන්ද්‍රන් මහතා දෙමළ භාෂාවෙන් සභාව ඇමතීය.

 

 

විධායක සභාව

මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමි

ජාතික භික‍්ෂු පෙරමුණේ සභාපති ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල නාහිමි

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල් කාන්ත මහතා

විශ්වවිද්‍යාල ආචාර්ය සන්ධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න මහතා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිරි මහතා

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ උප සභාපති ආචාරිනී සරෝජනී පෝල්රාජ් මහත්මිය

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආර්.ඒ.චන්ද්‍රසේන මහතා

අන්තර් සමාගම් සේවක සංගමයේ සංවිධායක ලේකම් බී.අයි. ආබ්දීන් මහතා

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් එම්.ටිල්වින් සිල්වා මහතා

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජිනසේන හේවගේ මහතා

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා

ප්‍රවීන රංගනවේදී චන්ද්‍රසෝම බිංදුහේවා මහතා

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය කනපතිපිල්ලේ තංගයියා මහතා

ව්‍යාපාරික මහින්ද තෙන්නකෝන් මහතා

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා

සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ ජාතික විධායක සභික එස්. රාජේද්‍රන් මහතා

කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා

ආචාරිනී පෝෂියා හසන් මහත්මිය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය දේවක පුංචිහේවා මහතා

විවෘත විශ්වවිද්‍යාලයේ කථීකාචාර්ය අතුල සමරකෝන් මහතා

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහතා‍

නීතිඥ සුමනා බෙනරගම මහත්මිය.‍

වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

 

Facebook
Twitter
LinkedIn