ලොව ප්‍රථම බෞද්ධ දර්ශනවාදය පිළිබද විශ්වකෝෂය රුසියාවේදී පසුගියදා එළිදැක්වීය. දර්ශනවාදය පිළිබද රුසියානු විද්‍යා ඇකඩමියේ පැවති විශ්වකෝෂය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දැක්වූ රුසියාවේ ඉන්දියානු තානාපති අජායි මල්හොත්රා මහතා ප්‍රකාශ කලේ ගෞතම බුදුන් ඉදිරිපත් කල දර්ශනවාදය වෙන කිසි කලෙකටත් වඩා වර්තමානයට වඩාත් ගැලපෙන බවත් එය ලොවපුරා අනාගත පරම්පරාවන්ගේ දිවිමග ඒකාලෝක කරනු ඇති බවත්ය.
පසුගිය කාලසිමාව ඇතුළත රුසියාව පුරා බෞද්ධ ආගමික ප්‍රබෝදයක් ඇතිවී තිබෙන අතර කල්මයිකියා පලාතේ බුදුන්ගේ උපන්දිනය නිවාඩු දිනයක් ලෙස මෙම වසරේ සිට ප්‍රකාශයට පත් කර ඇති අතර රුසියාවේ විශාලතම බුදු පිළිමය ලෙස තුවා ප්‍රදේශයේ මීටර 15 ක් උස බුදු පිළිමයක් ස්ථාපනය කර ඇත.
Views: 1









