රජයේ වාහන යොදාගෙන පුද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අප ලබා දීමේදී නිකුත් කළ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (28) නියෝග කර තිබේ.
ඇප කොන්දේසියක් ලෙස සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස තමාට කර ඇති නියෝගය ඉවත් කරන ලෙස සජින් වාස් ගුණවර්ධන මෝසමක් මගින් ඉල්ලා සිටි අතර ඒ අනුව ඔහුට මාස තුනකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි අධිකරණයෙන් නියෝග කර ඇත.
Views: 0









