බන්දුල ගුණවර්ධනලා, විමල් වීරවංසලා, උදය ගම්මන්පිලලා රණවිරුවන් නිදහස් කරගැනීමට යැයි පවසමින් මුදල් එකතු කිරීම වංචාවක් බවත් අදාළ මුදල් ප්‍රමාණය රැස් වී ඇති බවත් නීතීඥ අජිත් ප්‍රසන්න අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේ තිබියදීත් තවදුරටත් රණවිරුවන්ට මුවා වී මහින්ද පිලේ මන්ත්‍රීවරු මුදල් එකතුකිරීමේ ජාවාරමක් සිදු කරමින් සිටින බවත් එය රණවිරුවන්ව විකුණාගෙන කෑමක් බවත් ඔහු අවධාරණය කරයි.
විමල් වීරවංස, උදය ගම්මන්පිල වැන්නන් රණවිරුවන් බිල්ලට දිය හැක්කේ තමන්ගේ මළකඳන් මතින් යැයි පැවසුවත් අඩුම තරමේ මෙම නඩුවේදී අධිකරණයට හෝ නොපැමිණි බවත් ඔහු සඳහන් කරයි.
රුපියල් ලක්ෂ විස්සක ඇපයක් මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ මෙම රණවිරුවාට එරෙහිව නඩු දමා ඇත්තේ ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් බවත් එවකට ඔවුන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී කියැවිණි.
මෙය හෙළිදරව් කළ හොත් මහින්ද පිලට පහරවදින බැවින් මාධ්‍ය හමුව නොපවත්වන ලෙස නාමල් රාජපක්ෂගේ හිතවතෙකු තමන්ට බලපෑම් කළ බවත් තමන් මහින්ද පිලේ අයෙකු නොවන බැවින් එය තමන්ට ප්‍රශ්නයක් නොබව බව තමන් ඔහුට පැවසූ බවත් අජිත් ප්රස්නන මහතා පවසයි. එහෙත් පසුගියදා පැවති මහින්ද පිලේ පාගමනටද අජිත් ප්‍රසන්න මහතා සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.
බන්දුලලා, වීරවංසලා, ගම්මන්පිලලා රණවිරුවන්ව විකුණන් කනවා
බන්දුලලා, වීරවංසලා, ගම්මන්පිලලා රණවිරුවන්ව විකුණන් කනවා
Posted by Lanka Truth on Tuesday, September 27, 2016









