දිවයින පුරා සිටින කම්කරු නිලධාරීන් සැප්තැම්බර් 07වනදා සිට අද (27) දක්වා දින 20ක කාලයක් සිදුකරමින් තිබූ වර්ජනය තාවකාලිකව නතර කිරීමට අද තීරණය කර ඇති අතර හෙට සිට සිපුරුදු පරිදි නැවත සිය රාජකාරි සඳහා වාර්තාකරණ බව එම වෘත්තීයසමිති සඳහන් කරයි.
කම්කරු ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව කම්කරු නිලධාරීන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් ඔක්තෝබර් 4වනදා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත් ඇමතිවරයා එකඟ වී තිබේ.
ඒ අනුව ඔක්තොම්බර් 4වනදා දක්වා තාවකාලිකව සිය වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කළ බව එම නිලධාරීහු පවසති.
ආශ්රිත පුවත්
කම්කරු නිලධාරීන්ගේ ප්රශ්නය ගැන ඇමතිවරු ජවිපෙට දුන් පිළිතුරු
කම්කරු නිලධාරීන්ගේ ගැටලුව පිළිබඳ කල් තැබීමේ විවාදයක්
රාජපක්ෂ යුගයේ දියාරු සැලැස්ම යහපාලනයත් ගෙනයනවා
කම්කරු නිලධාරීන්ගේ සහායට කොමසාරිස්වරුත්
Views: 0









