යෝෂිත රට යන්න අවසර ඉල්ලයි

Image result for yoshitha rajapaksaතමන්ට විදේශගතවීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණයේ අද (20) මෝසමක් ගොනු කර තිබේ. 

CSN නාලිකාව යොදාගනිමින් මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවලට අදාලව ඔහුට ඇප ලබාදීමේදී ඇප කොන්දේසියක් ලෙස ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබිණ. 

මෙම මෝසම පිළිබඳව සැප්තැම්බර් 22 වැනිදා සළකා බැලීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn