රටේ ජන සංයුතිය හා භූගෝලීය පදනම මත කුඩා ඒකකවලට බලය පැවැරීමේ යෝජනා කිහිපයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වන බව වාර්තා වේ.
ජවිපෙ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් මේ සම්බන්දයෙන් කරුණු පැහැදිලි කර ඇති අතර පසුගියදා පැවති ජවිපෙ ජනහමුවදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.
ජාතික ප්රශ්නය විසඳීම සඳහා ප්‍රවේශයක් ලෙස දැනට යෝජනා කිහිපයක් තම පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති අතර ප්‍රාදේශීය වශයෙන් ජන සංයුතිය, භූගෝලීය පදනම මත වූ යෝජනා නව ව්‍යවස්ථාවට එක් විය යුතු බවද ජවිපෙ අදහස වී තිබේ.
එම යෝජනා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා කමිටුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් බවද විජිත හේරත්මහතා පවසා සිටියි.
ජවිපෙ පාලන බලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට “හෘදසාක්ෂියේ සම්මුතිය” මැතිවරණ ප්රකාශනයේ ජාතික සමගිය සඳහා ජවිපෙ යෝජනා කරතිබූ යෝජනාවලිය පහතින් පල වේ.













