කොටස් වෙළෙඳ පොළටත් නව රෙගුලාසි

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදීගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරි තත්ත්වයෙන් පසුව කොටස් වෙළෙඳ ‍පොළ පිළිබඳ නව රෙගුලාසි පැනවීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව තැරැව්කාර සමාගම් හා වෙළෙඳ‍පොළ අතරමැදියන් විසින් මිලදීගන්නා කොටස් මාස හයක් යන තෙක් විකිණීමට අවස්ථාව ලබා නොදෙන බවද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මහජන කොටස් නිකුතුවකදී මිලට ගන්නා කොටස් සම්බන්ධයෙන් මේ තත්ත්වය අදාළ නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

එසේම මින් ඉදිරියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් කොටස් වෙළෙඳ‍පොළේදී කොටස් මිලදී ගන්නේ නම් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බවටද නව රෙගුලාසියක් පනවා ඇත. ඊට අමතරව එවැනි ගනුදෙනුවක් තෙවන පාර්ශ්වයක් ලෙස කටයුතු කරන භාරකාර බැංකුවක් තෝරාගැනීමෙන් පසුව කළ යුතු බවට වන නිගමනයක් පනවා ඇතැයිද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn