මාස ගණනක සිට දුම්කොළ අඩංගු නිෂ්පාදන සඳහා අය කරන බදු මුදල් 90%ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා උත්සාහය කඩාකප්පල් කරන්නන් පිළිබඳව වහාම සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාර සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය රට තුළ ක්‍රියාත්මක කර ගැනීමට අවස්ථාව ලබා නොදෙනවා නම් එදිනෙදා රාජකාරි සහ ජනතාව අදාළ කටයුත්ත කොතරම් ඉක්මනින් කර ගැනීමට හැකිවේදැයි ගැටලුවක් පවතින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
දුම්කොළ බදු 90%ක් දක්වා ඉහළ දැමීමේ තීරණයට සමහර දේශපාලනඥයන් හා නිලධාරීන් උනන්දු නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන බැවින් අදාළ කටයුත්ත සිදු කිරීමට උනන්දුවක් නොදක්වන දේශපානඥයන් කවුරුන්ද යන්න රටට හෙළිකර නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවද එහි සභාපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා වශයෙන් ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක නොකිරීම තුළින් සිදුවන්නේ මැතිවරණ සමයන්වලදී යහපාලනයක් ඇති කරන බවට ලබාදුන් පොරොන්දු මිරිඟුවක් බවට පත්වීම බවද රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කර තිබේ.









