බදුල්ල මහ රෝහලේ පිපිරීමෙන් හෙදියකට තුවාලයි

අද (12) පෙරවරුවේ බදුල්ල මහ රෝහලේදී සිදු වූ හදිසි අනතුරකින් හෙද නිලධාරිණියක පිළිස්සුම් තුවාල ලබා තිබේ.

එහිදී අදාළ හෙද නිලධාරිණියගේ මුහුණ දැඩි ලෙස පිළිස්සී  ඇති අතර ප්‍රතිකාර සඳහා ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට රෝහල් කාර්යය මණ්ඩලය පියවර ගෙන ඇත.

මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන අතරතුර ගෑස් උදුනක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. 

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn