ප්‍රා.ස මන්ත්‍රීවරි‍යගේ දුරකථන ඇමතුම් පරීක්ෂාවට

බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ගම්මන විදානලාගේ ලක්‌මිණි අනුපමා පණ්‌ඩිතරත්න නමැති දෙදරු මව පැහැරගෙන යැම පිළිබඳව පෙරේදා (22) මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කළ තෙබුවන පොලිසිය ඇයගේ ජංගම දුරකථනය සමඟ දුරකථන සබඳතාවන් පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව වාර්තාවක්‌ ලබා ගැනීමට දුරකථන සමාගම්වලට නියෝගයක්‌ ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

මන්ත්‍රීවරිය සමඟ දුරකථන සම්බන්ධතාවන් පැවැත්වූ පුද්ගලයන්ගේ ජංගම ඇමතුම් පිළිබඳව වාර්තාවක්‌ ලබාගන්නා ලෙස මතුගම මහෙස්‌ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ.

ඉකුත් 20 දා වරකාගොඩ ගල්ලෙන විහාරස්‌ථානයේ බෝධි පූජාවක්‌ පවත්වමින් සිටියදී ඇයව මෙසේ පැහැර ගෙන ගොස්‌ තිබූ අතර ඊයේ වනවිටත් ඇය පිළිබඳව කිසිදු තොරතුරක්‌ දැන ගැනීමට නොහැකි වූ බව තෙබුවන පොලිසිය පවසයි.

Facebook
Twitter
LinkedIn