අනුමත නොකළ උපකරණයක් රබර් පර්යේෂණය ගන්න යයි

Image result for sri lanka rubber research instituteශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ රත්මලාන රසායනාගාරය සඳහා විද්‍යාත්මක උපකරණ මිලදී ගැනමට පත් කළ තාක්ෂණික කමිටුවට කාර්මික තාක්ෂණ ආයතනයෙන් පත් කළ විශේෂඥයා විසින් අනුමත නොකරන ලද උපකරණයක් මිලදී ගැනීමට රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් කටයුතු යොදා ඇතැයි  දැනගන්නට තිබේ.

මිලදී ගැනීමට අවශ්‍යව තිබී ඇත්තේ MOVING DIE RHEOMETER (MDR) නමැති උපකරණයකි. මේ සඳහා සමාගම් හතරකින් මිලියන 3.8ක, මිලියන 9.5ක, මිලියන 11.4ක සහ මිලියන 12.9ක මිල ගණන් ඉදිරිපත් වී තිබී ඇත.

මිලියන 12.9ක මිල ගණන් ඉදිරිපත් කළ එස්. ඇන්ඩී.ඩී. ඇසෝසියේට් ආයතනය සිය මිල ගණනට අමතරව ආයතනය මිල ගණන් නොකැඳවා RAP FLEX නමැති උපකරණයකටද මිලියන 15.8ක යටතේ විස්තරයක් ඉදිරිපත් කර තිබී ඇත. මෙම උපකරණය මිලදී ගැනීම අනුමත නොකරන බව පවසමින් කාර්මික තාක්ෂණික ආයතනයේ විශේෂඥ එච්.පී.සී.එස්. සෝමසිරි සිය අත්සන නොයොදා තිබේ.

එමෙන්ම ප‍්‍රසම්පාදන කමිටුවද මෙය අනුමත නොකර තිබියදී ඇණවුම සඳහා යොමු කරන ලිපියේ MDR උපකරණය නමින් සඳහන් කොට RPAFLEX උපකරණයේ මිල සඳහන් කර එස්  ඇන්ඩ් ඩී ආයතනයට යොමු කර ඇත.

මෙම ලිපියට අත්සන් කර ඇත්තේ රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්, ඇම්. ජී. සෙනෙවිරත්න යන අයයි. 

රාවය

Facebook
Twitter
LinkedIn