පරන්තන් කෙමිකල්ස් පෞද්ගලික අංශයට

Image result for paranthan chemicalsභාණ්ඩාගාරය විසින් වැටප් ගෙවමින් පාඩු මත පවත්වාගෙන යන රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ දැනට ලාභ ලබන ආයතනයක් වශයෙන් පවතින “පරන්තන් කෙමිකල්ස්” ආයතනය ප‍්‍රතිව්‍යුහගත කරණය යැයි සඳහන් කරමින් පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම ප‍්‍රතිව්‍යුහගත කරණය වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාවසායන් වශයෙන් එම ආයතනය පවත්වාගෙන යෑමට යෝජනා කර ඇති අතර ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් මණ්ඩල කමිටුව විසින් අගෝස්තු 10 වැනිදා පැවති එම කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම රාජ්‍ය ආයතනය ප‍්‍රතිව්‍යුහගතකරණයට යෝජනා කැඳවීමටද එහිදී තීරණය කර තිබේ.

පරන්තන් කෙමිකල්ස් ආයතනය ජාතික ජලසම්පාදන මණ්ඩලයට ජලය පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් සපයමින් ලාභ ලබන අතර භාණ්ඩාගාරයෙන් කිසිඳු මුදලක් ලබා නොගනියි. 

මේ අතර මේටර ලාබ ලබන මහා භාණ්ඩාගාරයෙන් කිසිඳු යැපීමක් නැති කහටගහ පතලද බලහත්කාරයෙන් විකිනීමට සැලසුම්සකසමින් ඇති බව අප මීට පෙර වාර්තා කළ අතර මේ වනවිට එයද පෞද්ගලික අංශයට පැවරීමට කටයුතු සූදානම් කර ඇත.

ආශ්‍රිත පුවත් 

කහටගහ පතල බලහත්කාරයෙන් විකිනීමට සැලසුම්!

Facebook
Twitter
LinkedIn