සරණට තවත් නඩු දෙකක් ගොනු වෙයි

සරණට තවත් නඩු දෙකක් ගොනු වෙයි

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම සම්බන්ධ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුවර්ධන මහතාට නඩු දෙකක් ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (07) කටයුතු කර තිබේ.

ඔහු 2005 වසරේ දෙසැම්බර් 06 සිට 2006 වසරේ ජුනි 30 අතර කාලයේත් 2007 වසරේ මාර්තු 31 සිට එම වසරේ ජූලි 31 දක්වා කාලයේත් මෙසේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැති බව අධිකරණය හමුවේ කරුණ දක්වමින් එම කොමිසම ප්‍රකාශ කර තිබේ.

එම කලාය තුළ ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ සබාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ සිදු කළ රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක (රු. 36,000,000) වංචාවක් සම්බන්ධයෙන් සහ තවත් චෝදනා 107ක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද නඩු කටයුත්ක් ක්‍රියාත්මක වෙමින් තිබේ. 

කප්පම් ගැනීම් ඇතුළු වෙනත් චෝදනා සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව තවත් නඩු 09ක් ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn