අපි සයිටම් අහෝසි කරන්නේ නැහැ…

Image result for lakshman kiriellaනීතිවිරෝධී සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය අහෝසි කිරීමට නොහැකි බවත් තමන් එය අහෝසි නොකරන බවත් උසස් අධ්‍යපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසී ය.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23/2 නගනු ලබන ප‍්‍රශ්නය යටතේ මේ වනවිට විශ්වවිද්‍යාල තුළ වර්ධනය වෙමින් යන මර්දනකාරී තත්වය සම්බන්ධයෙන් ශිෂ්‍යයින් තුළ පැනනැගී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරතුර මේ බව පැවසී ය.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිවිරෝධීව රජයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇත්තක් වන බැවින් එය නීතිවිරෝධී ආයතනයක් බව මීට පෙර අවස්ථා කිහිපයකදීම ජවිපෙ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

සයිටම් ආතනය නීතිවිරෝධී ආයතනයක් බවත් එහි පාඨමාලා සඳහා ලියාපදිංචි නොවන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, වෛද්‍ය සංගම් හා ශිෂ්‍ය සංගම්ද අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණ. 

එහි ලියාපදිංචි වන්නන් සම්බන්ධයෙන් වග නොකියන බව සඳහන් කරමින් ලංකා වෛද්‍ය සභාව එකල පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබිණ.

Facebook
Twitter
LinkedIn