ඇවන්ට්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ක්‍රියාත්මක පාලිත ප්‍රණාන්දු අරමුදල වෙනුවෙන් මුදල් බැරකිරීම සම්බන්ධ විමර්ශනයනට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මොවුන් දෙදෙනාව අද එම කොමිසම හමුවට කැඳවා තිබී ඇති අතර එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම, රක්නාලංකා සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1,140ක පාඩුවක් සිදුකළැයි අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළව චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක හා ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය පළමුවැනිදා නොතීසි නිකුත් කෙරණ.









