සයිටම් උපකුළපති තාජුඩීන්ගේ අස්ථි ලොරියකින් රැගෙන ගිහින්

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන්වීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බවත් ඔහු එම අස්ථි කොටස් ලොරියකින් රැගෙනයාම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා දැනුම් දී ඇත.

ඒ වසීම් තාජුඩීන්ගේ ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණයේදී තාජුඩීන්ගේ සිරුරේ කොටස් අතුරුදන්වූයේ යැයි කියන සිද්ධියක් මත තමා අත්අඩංගුවට ගැනීම වලක්වමින් අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අද (05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානී අමරසිංහ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම ඉල්ලීමට විරෝධය පළ කළ අතර පෙත්සම්කරුට එරෙහිව අදාළ චෝදනා එල්ල කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වුවද ඊට අදාළ තීන්දුව ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.

හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා මේ වනවිට මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයා ය.

Facebook
Twitter
LinkedIn