ජී – 20 සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අඩු සැලකිල්ලක් යොමු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි.
ජී – 20 සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණි නරේනද්‍ර මෝදි, ව්ලැඩිමීර් පූටින්, පාක් ගුයින් හායි, මයිකල් ටෙමරි හා තෙරේසා මේ යන රාජ්‍ය නායකයින් පිළිගනු ලැබුවේ විශේෂ රතුපලස් මතින් වුවත් ඔබාමා හට එවැනි පිළිගැනීමක් ලබා දී නොමැති බව පැවසේ.
ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා චීනයේ හැන්ජෝ ගුවන් තොටුපලට ගොඩබසින අවස්ථාවේ එය ආවරණය කිරීමට පැමිණි ඇමෙරිකානු මාධ්‍යවේදිනයක් හා චීන ආරක්ෂක නිලධාරියෙක් අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වී තිබේ. මාධ්‍යවේදිනය ගුවන් යානය ආසන්නයට යාමට උත්සාහ කළත් ආරක්ෂක නිලධාරියා එයට අවස්ථාව ලබා නොදුන් අතර එහිදී මාධ්‍යවේදිනය ප්‍රකාශ කරන්නේ මේ අපේ ගුවන්යානයක්, අපේ රටේ නායකයා යනුවෙනි. එහිදී චීන ආරක්ෂක නිලධාරියා පෙරළා පවසන්නේ ඇමෙරිකානු ජනාධිපති වුවත් මේ අපේ රට, මේ අපේ ගුවන්තොටුපළ ලෙසයි.
මෙම සංවාදය විදෙස් මාධ්‍ය මගින් ප්‍රබල ලෙස ප්‍රචාරය කරනු ලැබූ අතර චීනය මේ ආකාරයට ලොව බලවත්ම රාජ්‍ය නායකයා සාමාන්‍ය ආකාරයෙන් පිළිගැනීම අහම්භීය සිද්ධියක් නොව තම බලය ඇමෙරිකාව හමුවේ ප්‍රදර්ශනය කිරීමක් බවත් චීනයට ඇමෙරිකානු ජනාධිපති තවත් එක් රාජ්‍ය නායකයකු පමණක් බවත් ඇඟවීම ගත් උත්සායක් යැයි මෙක්සිකානු හිටපු චීන තානාපතිවරයකු වන ජොර්ජ් ගුඅජාර්ඩෝ ගාඩියන් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.









