ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගය අද (04) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැති අතර ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
ලකුණු 195ක ඉලක්කය කිසිදු අභියෝගයකින් තොරව ඔවුන් පන්දුවාර 43කදී පසු කර යෑමට සමත් විය. නායකත්වයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 126කදී හතරේ පහර 9ක් සමගින් අගනා ලකුණු 106ක් රැස් කිරීමට සමත් විය. වෝනර සමග තෙවන කඩුල්ලට එක්වූ ජොර්ජ් බේලි ලකුණු 132ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූ අතර ජෝර්ජ් බේලි දැවී යන විට පන්දු 73කදී ලකුණු 44ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා පන්දුවාර 10දී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 51කට කඩුලු 3ක්ද ධනංජය ද සිල්වා පන්දුවාර 7කදී ලකුණු 35කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.
තරග 5කින් සමන්විත වූ එක්දින තරගාවලිය 4-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. 









