ඇෆ්ගනිස්ථාන බස්රථයක් බවුසරයක ගැටීමෙන් 38ක් පිලිස්සී මරුට

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රාන්තයේ  කාබුල් නුවරදී ඉන්ධන ප්‍රවාහනය කරන බවුසරයක් හා මගී ප්‍රවාහන බස්රථයක් එකිනෙක ගැටීමෙන් බස්රථයේ ගමන් ගත් 38 දෙනෙකු පිලිස්සී මියගොස් ඇති බව වාර්තා වේ.

ඉන්ධන බවුසරය බස් රථයේ ගැටීමත් සමග ගිනිගෙන පුපුරා ගොස් ඇති අතර බස්රථයද ගින්නට හසුව තිබේ. මිය ගිය අයගෙන් බහුතරයකගේ සිරුරු හඳුනාගත නොහැකි ආකාරයෙන් දැඩිලෙස පිලිස්සී ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් ගණන 28ක් බව පැවසේ.

බස්රථය කන්දහාර් සිට කාබුල් දක්වා ගමන් කරමින් තිබියදි මෙම අනතුර සිදුව ඇත්තේ තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන ප්‍රදේශයකදී බව පැවසේ.

Facebook
Twitter
LinkedIn