ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස් ජියෝ සන්න්වේදන සමාගම තම ග්රාහකයින් ලබාගන්නා ඇමතුම් සඳහා මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙනවා.
එම සමාගමේ වාර්ෂික මහා සමුළුව අමතමින් ඔහු මේ බව ප්රකාශ කර ඇති අතර එය ඉන්දියානු තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ පෙරළියක් මෙන්ම නව පරිච්ඡේදයක අරම්භය ලෙස සනිටුහන් වනු ඇතැයි බොහෝ පිරිස් ප්රකාශ කර තිබේ.
මුකේෂ් අම්බානි යනු ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්රයේ මෙන්ම ඉන්දියානු ව්යාපාරික ක්ෂේත්රයේ ප්රබලයකු වන අතර ඔහුගේ රිලයන්ස් ජියෝ සමාගම සිය සන්නිවේදන ග්රහකයින්ගෙන් ඇමතුම් ගාස්තු අය නොකරන අතර 4G තාක්ෂණය ඔස්සේ සියලුම ග්රහකයින් වෙත Data Packages හඳුන්වාදීමට කටයුතු කර තිබේ. ඉන්දියානු රුපියල් 149 (රුපියල්. 325) සිට 4999 (රුපියල්. 10859) පැකේජ සමාගම හඳුන්වාදී ඇති අතර මේ කුමන පැකේජයක් ලබා ගත්තද එම ග්රාහකයා ලබා ගන්නා කිසිදු ඇමතුමකට මුදලක් අය කිරිමක් නොකෙරන බව පවසයි.
මෙම තීරණයත් සමග ඉන්දියාවේ අනෙකුත් දුරකතන සමාගම් වෙත දැඩි බලපෑමක් එල්ල වන අතර ඉන්දියාවේ දුරකතන සමාගම් ඇමතුම් ගාස්තු නිදහස් කරන තත්වයක් හමුවේ ශ්රී ලංකාවේ දුරකතන සමාගම් සිය පාරිභෝගිකයින්ගෙන් වැඩිවැඩියෙන් ගාස්තු අයකරමින් සිටී.









