දේශීය ලොකු ළූණු කිලෝවකට සාධාරණ මිලක් ලබා දෙන ලෙසට බල කරමින් අද (02) පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටින් නුවර – යාපනය A-9 මාර්ගය අවහිර කර ළුෑණු වගාවේ නිරත ගොවීන් විරෝධතාවයක් පැවැත් වූහ.
සමස්ථ ලංකා ගොවිජන සම්ලේසවයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේද සහභාගීත්වය සහිතව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා දඹුල්ල ප්‍රදේශයේ දහසකට අධික ළූණු වගාවේ නිරත ගොවීන් පිරිසක් දඹුල්ල ගම්උදාව පිටියේ සිට පාගමනින් විරෝධතා පුවරු රැගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දක්වා පැමිණිය අතර විරෝධතාව පැවැත්වීය.
ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ආනයනික ලොකු ළූණු හේතුවෙන් තමන්ගේ අස්වැන්න වෙළඳපොල තුළ සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවයි. ඊට පිළියමක් සැපයීම සඳහා වත්මන් හවුල් ආණ්ඩුව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව ආණ්ඩුවට විරෝධය පළකරන ගොවීන් තමන්ගේ ළූණු අස්වැන්න සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දීමට කටයුතු කරන ලෙසට බලකර සිටී.![DSC09019[1]](http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC090191.png)
![DSC09046[1]](http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC090461.png)
![DSC09037[1]](http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC090371.png)









