ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ වෙබ් අඩවියට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි පාසල් සිසුවා හා තරුණයා රුපියල් 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (02) නියෝග කර තිබේ.
17 හැවිරිදි පාසල් සිසුවා පරිවාස භාරයට පත්කර සිටි අතර 27 හැවිරිදි තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. සැකකරුවන්ට ඇප ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඉදිරියට මෙවැනි ක්‍රියාවන් නිරත වීමෙන් වළකින ලෙසටය. එසේම පසුගිය මාස 6ක කාලය තුළ ඔවුන් අන්තර්ජාලය තුළ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දත්ත හා බිල්පත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දෙමව්පියන්ට නියම කර තිබේ.
Views: 0









