ඇමෙරිකාවේ ස්පේස් – එක්ස් අභ්‍යාවකාශ සමාගමට අයත් රොකට්ටුවක් පෙරහුරුවකට ඊයේ (01) දිනයේදී යොදා ගනිමින් තිබූ අවස්ථාවකදී එය පුපුරා සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ඒ ආසන්නයේ තිබූ ෆේස් බුක් සමාගමට අයත් ගුවන්ගත කිරීමට සූදානම් කර තිබූ චන්ද්‍රිකාවක්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.
මෙම පුපුරා යෑම සිදුව ඇත්තේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි ස්පේස් – එක්ස් අභ්‍යාවකාශ සමාගට අයත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදීය. දැවැන්ත පිපිරීමත් සමගම විශාල ගිනිජාලාවක් ඇතිවූ අතර සිද්ධියෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදු නොවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමෙන් කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි ගොඩනැගිලි පවා සෙලවීමට ලක්ව තිබේ.
එළඹෙන සඳුදා මෙම රොකට්ටුව මගින් ෆේස් බුක් සමාගම ආමෝස් -6 නැමති චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට සූදානම් කර තිබූ බව පැවසෙන අතර එම චන්ද්‍රිකාවෙන් අප්‍රිකානු කලාපයේ රටවලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබී ඇත. චන්ද්‍රිකාව විනාශ වීමත් සමග ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය කණගාටුව පළකරමින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක්ද යොදා තිබේ.











