ෆොන්සේකා මහතා වැලිකඩින් එළියට

(දෙවන සංස්කරණය) අවුරුදු දෙකහමාරකට අධික කාලයක් බන්ධනාගාර ගතව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් වී බන්ධනාගාරයෙන් ඉවතට පැමිණීයේය.

ඔහු ජනතාව අමතා වචන කිහිපයක් ප්‍රකාශ කර සිටි අතර ඔහු පැවසූවේ “මම දැන් නිදහස්, මා සමග මෙතෙක් කාලයක් රැඳී සිටි ජනතාවට මගේ ප්‍රණාමය, ඔබසැමට ජයවේවා, රැඳී සිටින්න සුළු මො‍හොතකින් මම ඔබ හමුවට එනවා” යනුවෙනි.

තව සුළු මොහොතකින් ෆොන්සේකා මහතා ජනතාව ඇමතීමට සූදානමින් සිටි බවද වාර්තා වේ.

මේ වන විට බන්ධනාගාරයෙන් නික්ම ගිය ෆොන්සේකා මහතා ජනතා ව අමතා කතාකරමින් පවසා සිටියේ රටේ පවතින අසාධාරණයටත් තමාට සිදුකළ දේශපාලන පළිගැනීම් වලටත් එරෙහිව ජනතාව සමග එක්ව වැඩ කිරීමට ඉදිරියේදී කටයුතු රීමට අපේක්ෂා කරන බවයි. මේතෙක් කාළයක් තමන් සමග නොසැලී සිටි ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියටත් තමන් සමඟ රැඳී සිටින ලෙසයි.

Facebook
Twitter
LinkedIn