රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වෙයි

රංග කලංසූරිය ඉල්ලා අස්වීම ජනපතිට දෙයිරජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා අදාළ ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණ කර සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භවීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් බව වාර්තා වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් අදළ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසේ.

පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් රංග කලංසූරිය භයානක පුද්ගලයකු බවත් ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොටවන්නට කටයුතු කරන්නකු බවත් පැවසූ බව සතිඅන්ත පුවත්පතක සටහන්ව තිබූ බවත් අදාළ කරුණ අසත්‍ය බවක් ජනාධිපතිවරයාගේ පාර්ශයයෙන් මෙතෙක් නිවේදනය නොකිරීම නිසා දැඩි කනස්සල්ලෙන් ඔහු මෙසේ සිය ඉල්ලා අස්වීම භාරදී ඇති බවත් පැවසේ.

කෙසේවුවද ඉල්ලා අස්වීම බාර නොගත් ජනපතිවරයා පවසා ඇත්තේ පුවත්පත්වල ඇති කාරණා ගණන් නොගන්නා ලෙසයි. 

කෙසේවුවද, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ ගැටලු ඇතිකරණ අය සිටින බවත් ඒ අය සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශවලින් තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ගෙන් රංගට ප්‍රවේශම්වන ලෙසත් ජනපතිවරයා පවසා ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn